චීනයේ සිනොපෙක් සමාගම මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව එහි පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ප්‍රදේශයෙන් අලෙවිය ආරම්භ කරමිනි.
සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ආරම්භයේ දී ලීටරයකින් රුපියල් තුනක වට්ටමක් ලබා දෙන අතර ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙන් ඉන්ධන පිරවුම්හල් ලෙස ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ පසුගිය මැයි මාසයේ දී එළඹුණි.
ඒ යටතේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී ඇත.