Skip to content

දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම - “කදිර දිව්‍යරාජ” චිත්‍රපටය

‌සිංහල සිනමා වංශකථාවට තවත් නව පිටුවක් පෙරලමින් මෙරට ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් එක් කරමින් දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම - “කදිර දිව්‍යරාජ ” සිනමා පටය අගෝස්තු මස 8වනදා සිට මෙරට සිනමා ශාලාවන්හිදී තිරගත වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.

එහි මංහල දර්ශණය ඊයේ (ජූලි 18දා) සවස කොළඹ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී  මාධ්‍ය දර්ශණයක ලෙස ප්‍රදර්ශණය කෙරිණ. එහි කොටස් කරුවෙකු වන්නට Getpeakonline අපටද අවස්ථාවක් ලැබිණ.

හදවතින් දුටු කඳ සුරිඳු දෑසින් දැක ගැනීමට අවකාශය ලබා දෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ශණය සම්මානිත මහාචාර්‍ය සුනිල් අරියරත්නයන් ගේය. නිෂ්පාදනය ප්‍රකට ව්‍යාපාරික රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්‍ය ‍රවී ලියනගේ විසිනි.

වසර 75ක් පිරුණු දේශීය චිත්‍රපට කර්මාන්තය මේ වන විට සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. සමාජ මාධ්‍ය , රූපවාහිනිය හා ආනයනික චිත්‍රපට හරහා ප්‍රේක්ෂක මනසට හුරුවී ඇති විචිත්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණය වීම ඉතා විරලය. එයට හේතු වනුයේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ලඟාකරගැනීමේ ගැටලුවය. අවම වශයෙන් නිර්මාණයක නිෂ්පාදන පිරිවැය හෝ පියවා ගැනීමට ප්‍රේක්ෂකයින් මන්මත් කරන විචිත්‍රවත් නිර්මාණ බිහිකළ යුතුය. එවැනි විචිත්‍රවත් නිර්මාණ නොමැති කල ප්‍රේක්ෂක ආකර්ශනය නොමැත. මේ උභතෝකෝටිකය මත දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතී. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ඉතා ඉහල තලයක පවතිනුයේ එරට ව්‍යාපාරික ප්‍රජාව හරහා අතිවිශාල ප්‍රාග්ධනයක් මෙම කර්මාන්තයේ යෙදවීමම තුලින් ඇති කල උද්ධීපනය හරහාය.

සැබෑ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්‍ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත මේ මොහොතේ යොමු කරන්නේ මන්දගාමී ගමනක යෙදෙන ශේශීය සිනමා කර්මාන්තයට යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මාහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ මෙම කදිර දිව්‍යරාජ නම් සිනමා සිත්තම දේශීය සිනමා ක්ෂේත්‍රයට තිලිණ කරමිනි.

දේව කතා සාහිත්‍යයේ මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියෙකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැඳී වැඩුනු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත්‍රවත් ප්‍රේම වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍ය, කඳ කුමරුගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙව්ලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුලු අප ඇසූ නොඇසූ කථා බොහොමයක් මෙම චිත්‍රපටය තුලින් නැරඹීමේ අවකාශය ප්‍රේක්ෂක ජනතාවට හිමිවනු ඇත.

කදිර දිව්‍යරාජ  සිනමා සිත්තමේ ප්‍රධාන චරිත ද්විත්වය භාරතීය රංගන ශිල්පී සමර් වර්මානී සහ භාරතීය රංගන ශිල්පීනී සොනාක්ෂි සිං රාවන් විසින් නිරූපනය කෙරෙන අතර ප්‍රවීණ දේශීය නලු නිළියන් රැසක්ද මෙම නිර්මාණයට ඔවුන්ගේ රංගන දායකත්වය ලබා දී ඇත.

රොෂාන් පිලපිටිය, නිල්මිණී තෙන්නකෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, විනූ සිරිවර්ධන, අජිත් ශාන්ත, ධනංජය සිරිවර්ධන ඇතුලු දේශීය රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායකත්වය ලබා දී ඇත. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ආචාර්‍ය රෝහණ වීරසිංහයන් ගෙනි. එසේම චිත්‍රපටයේ අඩංගු සියලුම ගීත Rohana Weerasinghe YouTube චැනලය හරහා නැරඹීමට හැකියාවද ඊයේ දින සිට ලොව පුරා විසිරී සිටින ජනතාවට උදා විය.

Latest