Skip to content

චීනාගේ වත්තේ නිධන් හෑරූ 10 ක් මාට්ටු

කරුවලගස්වැව - කුඩා මැදව්චචියේ පිහිටි "චීනාගේ  වත්තේ" තිබෙන බව කියන නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ 10 දෙනෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කරුවලගස්වැව පොලීසියට බාර දී ඇත.

02 වෙනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්වය.ඔවුන් අතර වයස අවුරුදු 70 ක් වන මන්ත්‍රාර්යවරයෙකුද සිටින බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වැටලීම සිදු කරන විට සැකකරුවන් නිධානය ගොඩ දැමීමේ අදහසින් කැණීම් කටයුතු සිදු කරමින් සිට ඇත.එම ස්ථානයේ තිබී පළතුරු හා රස කැවිලි වට්ටි කීපයක්ද,සුර 29 ක්,පුජා භාණ්ඩ සහ කැණීම් උපකරණ කීපයක්ද වැටලීම කළ නිලදාරීන් විසින් තම බාරයට ගෙන කරුවලගස්වැව පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest