Skip to content

වැව්තාවුල්ලේ චිත්‍ර ඇඳි දරුවන්

කැස්බෑව කළාකරුවන් ගේ සංසදය "කැස්බියන්ස්" සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව පිළියන්දල  අධ්‍යාපන කලාපයේ පාසැල් දරුවන් ගේ කලා කටයුතු ඔප්නැංවීම සඳහා සිදු කල අපූරු වැඩසටහනක් පසුගිය සෙනසුරාදා  (05) දවස පුරා පැවැත්විණ.

ඒ  පිළියන්දල කලාපයේ පාසැල් 29 ක දරුදැරියන් 171ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් , කැස්බෑව වැව් තාවුල්ලේදී පැවත්වූ  චිත්‍ර තරඟයය.

මෙදින තරඟය සඳහා ඉදිරිපත් වූ තරඟකරුවන් සියලු දෙනා මූලික වටයකින් තෝරා ගෙන තිබූ අතර  ඔවුන්ට චිත්‍ර නිර්මාණය කිරීමට  ලබා දී තිබුනු මාතෘකාව වූයේ ස්වභාව සෞන්දර්යයි .  ඒ හේතුවෙන් කැස්බෑව වැව් තාවුල්ල මේ සඳහා යොදා ගත් බව කැස්බියන්ස් සංසදයේ නිළධාරීන් පැවසීය.

තරඟ කාණ්ඩයන් කිහිපයක් ඔස්සේ චිත්‍ර නිර්මාණ සිදුකල දරු දැරියන් ඔවුන්ගේ නිර්මාණයන් සඳහා පැස්ටල් , දිය සායම් වැනි මාධ්‍ය යොදා ගෙන තිබිණ. නිර්මාණයන් විනිෂ්චය කිරීම  ලංකාවේ ප්‍රසිද්ධ කලා කරුවන් ගෙන් සැදුම්ලත් විනිෂ්චය මණ්ඩලයක් විසින් සිදුකරනු ලබන අතරම එහි ජයග්‍රාහකයින් තෝරා ඔවුනට ත්‍යාග ප්‍රධානය කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය  .

මේ අවස්ථාව සඳහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ  සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා වික්‍රමරත්න ඇතුළු නිලධාරීන්ද, කලාකරුවන් විශාල පිරිසක් ද සහභාගී වූහ .

Latest