Skip to content

කියුබානු හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ ළමා කාලය.

හිටපු කියුබානු නායක නායක පිදෙල් කස්ත්‍රෝ පවසන ආකාරයට ඔහුගේ පෞරුෂයත් දේශපාලන ගමන් මාර්ගය ගොඩ නැගීමටත් සිය පවුල් පසු පසුබිම සහ ළමා කාලයේ අත්දැකීම් විශාල වශයෙන් බලපා.ෆිදෙල්ගේ සම්පූර්ණ නම ෆිදෙල් ඇලහෙන්ද්‍රෝ කස්ත්‍රෝ රූස්ය Fidel Alejandro Castro Rus.ඔහු ඉපදුනේ 1926 අගෝස්තු 13දා කියුබාවේ ඔරියන්ටේ ප්‍රාන්තයේ බිරාන් Biran Oriente Cuba වල සිය පියාගේ ගොවිපළේදීය.ෆිදෙල්ගේ පියා ඒන්ජල් කස්ත්‍රෝ අර්ගීස් Angel Castro Argys.ස්පාඤ්ඤ ජාතිකයෙක් වන ඔහු ස්පාඤ්ඤයේ ගැලීසියේ දුප්පත් පවුලක 1875 දෙසැම්බර් 01ඉපදී ඇත.ස්පාඤ්ඤයේ දුප්පත් පවුල් වල දරුවන් අවුරුදු 16 දී හමුදා සේවයට බැදී සේවය කළ යුතුව තිබුණහ.

ඒන්ජල් කස්ත්‍රෝ අර්ගීස් Angel Castro Argys

එහෙත් පොහොසතුන්ට යම් මුදලක් ගෙවා මෙම අනිවාර්යය යුධ සේවයෙන් නිදහස් වීමට ඉඩ තිබුණත් දිළිඳු පවුල් වල ජනතාවට එම හැකියාව තිබුණේ නැත.
ඒ අනුව ෆිදෙල්ගේ පියා වයස 16 දී ස්පාඤ්ඤ හමුදාවට බැඳුණු අතර එහිදී එකළ ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවති කියුබාවේ සේවය කිරීමට සිදුවු අතර වසර කීපයක් කියුබාවේ හමුදා සෙබළෙක් ලෙස සේවය කළ ඔහු යළි ස්පාඤ්ඤයට ගියද යුද සේවය නිමා කොට නැවත කියුබාවට පැමිණ ඇත.කියුබාවේ ඔරියන්ටේ Oriente පළාතට පැමිණි ඔහු එහි තිබූ අමෙරිකානු සමාගමක කම්කරුවෙක් ලෙස සේවය ආරම්භ කොට තිබේ.

ෆිදෙල්ගේ පියා අකුරු ඉගෙනගෙන නොතිබුණද ෆිදෙල් කියන ලෙසට ඔහු අධිෂ්ඨානයෙන් පිරුණු හොඳ සංවිධාන හැකියාවක් සහිත ක්‍රියාශීලී අයෙක් ය.එම හැකියාවන් නිසාවෙන් ෆිදෙල්ගේ පියා ඉක්මනින්ම අර අමෙරිකානු සමාගමට සේවයිකන් සපයන්නෙක් බවට පත්ව ඇත.එ අනුව සේවක නඩ සංවිධානය කිරිම හා සේවකයින් සපයන්නෙක් ලෙස සේවය කළ අතර ඉතා ඉක්මනින් අඩු මිලට ඉඩමිද මිලදී ගෙන එම පළාතේ කුඩා ඉඩමි හිමියෙක් බවට පත්වීය.එවාගේම පිදෙල්ගේ පියා මුල් කාලයේ මරියා Mary නම් කියුබානු කාන්තාවක් සමග විවාහා වී ඇත.එම දෙපළට පෙඞ්රෝ Pedro හා අන්තෝනියා Antonia යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියහ.පසුව එම විවාහයෙන් දික්කාසදවු අතර තමාන්ට වඩා වයසින් අවුරුදු 28ක් පමණ බාල තරුණියක් සමග සමිබන්ධතාවක් ඇතිකොට ගෙන ඇත.ඇයගේ නම ලීනා රූස් ගොන්සාලේස්  Lena  Russ Gonzalez වන අතර
ඇයට දරුවන් 07ක් ලැබුණහ.ෆිදෙල්ගේ මව වන්නේද ඇයයි.එ දරුවන් වන්නේ ඇන්ජෙලා Angela,රමෝන් Ramon,ෆිදෙල් Fidel,රවුල්Raul,ජුවානාJuana,එමා Emma හා අගෝස්තිනා Agostina ඒ දරුවන් 07 දෙනායි.ෆිදෙල්ගේ මව ඉපදී ඇත්තේ 1903 සැප් 23දාය.ඇය සහ පිදෙල්ගේ පියා එකට ජීවත්ව දරුවන් හත්දෙනෙකු උපන් පසුව 1943 අප්‍රේල් 26 දීන නීත්‍යානුකූලව විවාහා වී ඇත.

ෆිදෙල්ගේ පියා මහන්සිවී වැඩකොට ධනය උපයා ධනවත් ඉඩමි හිමියෙක් ලෙස කටයුතු කරනු ලැබුවද ඔහි කියුබානු ධනපති පන්තිය නියෝජනය කෙරුවේ නැත.ඔවුහු ධනපති පංතික පවුල් සමග සබදතාවක් නොතිබුණු අතර එ නිසාම එම සංස්කෘතිය ඔවුන් තුළ තිබුණේද නැත.ෆිදෙල් වරක් එ පිළිබදව මෙලෙස කියා ඇත."මම ඉඩම් හිමියෙකුගේ පුතෙක් උණාට ඉඩම් හිමියෙකුගේ මුනුබුරෙක් නොවෙයි."එහිදි කියා සිටින්නේ තමන් ධනේෂ්වර ඉඩමි හිමි පවුලකට සමිබන්ධ නොවන බවයි.එවාගේම ෆිදෙල් කුඩා කාලයේ ජීවත් වූ “බිරාන් Biran” නම් ප්‍රදේශය ඉතාම පසුගාමී ග්‍රාමීය ප්‍රදේශයක්වු අතර එහි පාරවල් මඩ වලින් පිරි පැවති අතර ම්නිසුන් ගමන් කොට ඇත්තේ කරත්තවල සහ අසුන් පිටය.එවාගේම මෝටර් රථ හෝ විදුලිබලය නොතිබුණු නිසාවෙන් මෙම ප්‍රදේශය තුළ භූමිතෙල්වලින් අලෝකය ගෙන ඇත.ෆිදෙල් පවසන ආකාරයට ඔහුව වයස අවුරුදු 04 දී ඔහුගේ වැඩිමල් සහෝදරියත් සමග ඔහුව බිරාන්වල  Biran තිබුණු ප්‍රසිද්ධ පාසලට ඇතුළත් කොට ඇත.එහිදී ෆිදෙල් නොසැලකිල්ලට ලක්වී ඇති අතර නිතර පහර කෑමට ලක්වී ඇත.
එම පාසලේ ඉගැන්වූ ගුරුවරිය දරුවන්ට නොදිය යුතු දඬුවම් ෆිදෙල්ට දී ඇති බව සදහන්වේ.එහිදි ලබාදී ඇති දඩුවමි අතර තිරුඟු ඇට මත දණ ගසා සිටීමට සැලැස්වීම,දෑත් දිගුකර ඒම කාසි දෙකක් තබා දිගු වේලාවක් සිටීමට බලකිරීම වැනි අමානුෂික දඩුවමි ලබාදී ඇත.මෙවැනි දේවල් නිසාම කුඩා කාලයේ සිට ෆිදෙල් තුළ අයුක්තියට,පීඩාවට එරෙහිව හැඟීම් වර්ධනය වී ඇත.
ඉන් පසුව ෆිදෙල්ව වයස අවුරුදු 06 දී ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමගසන්තියාගෝඩි කියුබා Sagansantiagodi Cuba නගරයේ පාසලකට යවා ඇති අතර එහිදී ඔවුන් නතරවී සිටි ඇත්තේ ගුරුවරියකගේ නිවසකය.එම නිවසේදි ෆිදෙල් සුරාකැමට ලක්වු බවද සදහන්වේ.

ෆිදෙල්ගේ පියා ෆිදෙල්ට සහ වැඩිමහලු සහෝදරයාගේ වියදමි ලෙස ලබාදෙන මුදල් එහි සිටි ගුරුවරිය විසින් වියදමි කොට ෆිදෙල්ලාට සරිලන පරිදි අහාර පවා ලබා නොදි සිටිමට කටටුතු කොට ඇත.මෙම නිසාවෙන් ෆිදෙල් කුස ගින්නේ පවා සිට ඇති අතර එය ෆිදෙල් දකින්නේ සුරා කැමක් ලෙසය.මෙම කාලයේ කියුබාවේ විශාල අර්ථක අර්බුදයක් පැවතී අතර ගුරුවරුන්ට වැටුප් පවා ලබා දී නොමැත.මේ නිසාවෙන් එම ගුරුවරිය ෆිදෙල්ට ලැබෙන මුදල් වලින් ජීවත් වී ඇත.ෆිදෙල් ඉඩමි හිමියෙකුගේ පුතෙක් වුවත් ඔහු කුඩා කාලයේදී සුපෝපභෝගී ජීවිතයක් ගත කර නොමැති අතර කුඩා කාලයේදී පියාගෙන් පාහර කැමටද ලක්ව ඇත.එ අනුව ෆිදෙල් ගමේදී සහ පාසලේදි නගරයේදි ඉගෙන ගන්නා විටද පිඩාවට පත්ව ඇත.එ අනුව ෆිදෙල් කුඩා කාලයේ සිටම විප්ලවකාරි වී ඇති අතර තමාන්ට එරෙහීව සිදුවන අසාධාරණයන්ට එරෙහිව නැගි සිට ඇත.එක් වරක් ෆිදෙල් මුලින් ඉගෙනගත් පාසලේ ගුරුවරියගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර ගුරුවරිය කැ ගසාගෙන එළියට දුවන තාක් ගල් ප්‍රහාර එල්ල කොට ඇත.ඒ වගේම වරක්  සන්තියාගෝඩි කියුබා Santiagodi Cuba වල ඔහු ඉගෙනගත්’සුයිට් පාසලේදි Suite School තමන් බාහිර ශිෂයෙක්ව සිටි නිසා තමන්ව එහි අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස සලකන මෙන් බලකර ආහාර වර්ජනයක් සිදු කොට ඇත.එහිදී අවසානයේදී ෆිදෙල්ව  එම පාසලේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ඇතුළත් කොට ගෙන ඇත.පසුව ගුරුවරියගේ නිවසේ නැවත කුසගින්නේ සිටීමට සිදුනොවූ බව ෆිදෙල් පවසයි.එ වගේම තවත් වරක එම පාසලේ උප විදුහල්පතිවරයාගේ ඥාති සිසුවෙක් සමග ෆිදෙල් ඇති කරගත් ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදි ෆිදෙල්ට අසාධරණ ලෙස දඩුවමි කොට ඇත.එහිදි පෙරළා ෆිදෙල් උප විදුහල්පතිවරයාට පහරදීමට කටයුතු කොට ඇත.මෙම සිදුවිමි වලින් පසුව එම පාසලේ ප්‍රධානියා ෆිදෙල්ව මැරයෙකු ලෙස හංවඩු ගසා ගෙදරට භාර දී ඇත.
වයස 6-7 කුඩා ළමයෙක් මැරයෙක් ලෙස නම් කරන්නේ කෙසේදැයි ෆිදෙල් පවසා ඇත.කෙසේ හෝ ෆිදෙල් පාසල් නොයවා සිටිමට තීරණය කළ විටදී තමාන්ව පාසල් නොයවා සිටිය හොත් ගෙදරට ගිනි තබන බව කියා පියාට තර්ජනය කොට ඇත.ඔහුගේ ජීවිත කතාව ලියු කතුවරයා වරක ඔබ ඇත්තටම එහෙම කරන්නද හිටියේ යැයි විමසු විටදි ෆිදෙල් කියා ඇත්තේ තමාන්ව ඉන්පසු පාසල් යැවු බවයි. එ අනුව ෆිදෙල්  කුඩා කලයේ සිටම අසාධරණයන්ට එරෙහිව විප්ලවිය ලෙස කටයුතු කොට ඇත.එවාගේම ෆිදෙල් තමාන් විනයක් ඇතීව ජීවත් වීමට ඉගෙන ගත්තේද සුයිට් පාසලේ Suite School ඉගෙනගත් කාලයේ බව සදහන් කරනවා.

Latest