Skip to content

Cardiff යනු බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාලයන්ගෙන් එකකි. මෑත කාලයේ කෘතීම බුද්ධියෙහි සිදුවූ පිබිදීමත් සමග Cardiff විශ්ව විද්‍යාලයෙන් අපූරු සිදුවීමක් වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් විසින් ඔවුන්ට ඇගයීම් ලෙස ලබා දෙන රචනා ලිවීම සදහා ChatGPT AI යෙදුම භාවිතා කර ඇති බව හෙළි වී තිබෙනවා. මේ පිළිබදව විශ්වවිද්‍යාල සිසුන් විවිධ අදහස් පළකර සිටිනවා.

ChatGPT හි සාර්ථකත්වය පරීක්ෂා කිරීම පිණිස සිසුවෙකු විසින් ඔවුන්ට ඇගයීම් ලෙස ලිවිය යුතු රචනා දෙකෙන් එක් රචනාවක් ඔහු විසිනුත්, අනෙක් රචනාව ChatGPT ආධාරයෙනුත් ලියා ඒවා පරීක්ෂා කිරීමට ලබාදී තිබෙනවා. වචන 2500 බැගින් වූ මෙම රචනා දෙකෙන් ශිෂ්‍යා විසින් තම උත්සහයෙන් ලියූ රවනයට 2.1ක අඩු අගයක්ද, ChatGPT අධාරයෙන් ලියූ රවනයට ඔහු මෙතෙක් විශ්ව විද්‍යාලයේදි රචනාවක් සදහා ලබා ගත් වැඩිම අගයද ලබාගෙන තිබෙනවා. කෙසේවෙතත් ඔහු පවසා සිටියේ, AI යෙදුම විසින් ඔහුට ලබා දුන් සෑම ප්‍රතිදානයක්ම ඒ අයුරින්ම රචනාවට ඇතුළත් නොකළ බවයි. නමුත් රවනය ලිවීමට අවශ්‍ය තොරතුරු සරල විධානයන්ගෙන් ඉතා පහසුවෙන්, වෙනදාට වඩා වේගවත්ව ලබා ගැනීමට හැකි වූ බව සදහන් කර තිබෙනවා. තවදුරටත් රවනා සැලසුම් කිරීමට, තොරතුරු පෙළගැස්වීමට ChatGPT භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණයි.

මෙම සිදුවීමෙන් අනතුරුව Cardiff විශ්වවිද්‍යාලය මගින් විශ්වවිද්‍යාලයට අයිති wi-fi networks වල භාවිතය අධ්‍යනය කොට තිබෙනවා. එහිදි පෙනී ගොස් ඇත්තේ 2023 ජනවාරි මාසයේ, ඇගයීම් සිදු කරන කාල පරිච්ඡේදයේදි ChatGPT වෙබ් අඩවිය වෙත පිවිසුම් 14,443 සිදුවී ඇති බවයි. ඊට මසකට පෙර එය සටහන් වී ඇත්තේ පිවිසුම් 0  ක් ලෙසයි. එම පිවිසුම් අතරෙන් වැඩි ප්‍රතිශතයක් පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ තොරතුරු ජාලයන්ගෙන් බවටද හෙළිවී තිබෙනවා.

ශිෂ්‍යයන් පවසන්නේ රචනයක් වෙනුවෙන් ඔවුන් යෙදිය යුතු පරිශ්‍රමයෙන් 20%  ක් වත් ChatGPT නිසාවෙන් කපාහැරෙන බවයි. එමෙන්ම තමන් විසින් ලියූ රචනා සහ AI ආධාරයෙන් ලියූ රචනා වෙන්කොට හදුනාගැනීම කළ නොහැක්කක් බවයි ඔවුන් කියා සිටින්නේ.‌‌‌

කෙසේ වුවත් මෙයද අයිතිවන්නේ චංවාවක් ගණයටය. විශ්වවිද්‍යාලය මේ සදහා පියවරක් ගනු ඇතැයි සිතුවද පියවර කුමක්දැයි සිතාගත නොහැක. මේ වන විට AI නිසාවෙන් යහපත් වාසි මෙන්ම අයහපත් වාසි යන දෙකම ඉහළ යමින් පවතියි. එකී අයහපත් වාසීන් මැඩපැවැත්වීමට තවත් දියුණු තාක්ෂණයක අඩුපාඩුව දැන් දැන් දැනෙන්නට පටන්ගෙන හමාරය.  

වැඩිදුර තොරතුරු

Latest