Skip to content

චන්ද්‍රයාන් -3 රෝවරය සඳ මත නිද්‍රාවට පත් වෙලා..

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කියයි..

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO පවසන්නේ ගවේශණය සදහා සද වෙත යැවූ චන්ද්‍රයාන්-3 රෝවරය මගින් දැනට දින තුනක සිට තම  මධ්‍යස්ථානයට කිසිදු සංඥාවක් සම්ප්‍රේෂණය නොකළ බවයි.

ඉකුත් සෑම චන්ද්‍ර දිනයක් ආරම්භ වන මොහොතේ සිටම එහි ඇති ලෑන්ඩරය සහ රෝවරය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන නමුත් මෙතෙක් එම උත්සාහයන් සියල්ල අසාර්ථකවී තිබේ.

ඔවුන් මෙතෙක්  අඛන්ඩව පෘථිවිය වෙත දත්ත සහ රූප සම්ප්‍රේෂණය කල නමුත් මීට දින තුනකට පෙර චන්ද්‍ර රාත්‍රියේදී ඔවුන් 'නිද්‍රා ප්‍රකාරයට' ලක්ව ඇති බවට විශ්වාස කෙරේ. රෝවරය සතු බැටැරි ක්‍රියා විරහිත වීම ඊට හේතුවයි.

සැප්තැම්බර් 24 දින වන විටත් සූර්යයා නැඟුනු පසු බැටරි නැවත ආරෝපණය කර මොඩියුල නැවත පිබිදෙනු ඇතැයි ISRO බලාපොරොත්තු විය. චන්ද්‍ර රාත්‍රියේ අධික ශීතල නිසා බැටරි වල ක්‍රියාකාරිත්වය අඩපන කිරීමට හේතුවී තිබේ.

එහෙත් ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලධාරීහු තවමත්  "වික්‍රම් ලෑන්ඩරය සහ ප්‍රග්‍යාන් රෝවර් සමඟ සන්නිවේදනය ඇති කර ගැනීමේ උත්සාහයේ දිගටම  නිරතව සිටිති.

ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුමෙන් ඉතිහාසගත වූයේ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු රට බවට පත් වෙමිනි. ඒ එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාක්ෂාත් කර ගත් රට බවටද පත් වෙමිනි.

ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් යානයේ ගොඩබෑම චන්ද්‍ර දිනයක් ආරම්භ වීමට සමගාමීව සැලසුම් කරන ලද්දේ එවිට වික්‍රම් සහ ප්‍රග්‍යාන්ට වැඩ කිරීමට සති දෙකක හිරු එළිය ලැබෙනු ඇති බවට ගණනය කිරීමෙනි. සඳ මත එක් දිනක් පෘථිවියේ සති හතරකට මඳක් සමාන වන අතර දිවා රාත්‍රිය බැගින් දින 14ක් පමණ පවතී.

හිටපු ISRO ප්‍රධානී ඒ.එස්. කිරන් කුමාර් බීබීසීයට පවසා ඇත්තේ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ රාත්‍රී උෂ්ණත්වය සාමාන්‍යයෙන් -200C සිට -250C (-328F සිට -418F) දක්වා පහත වැටෙන බැවින් සහ බැටරි වල ක්‍රියා කාරිත්වයට එම තත්ත්වය නරක ලෙස බලපන්නට ඇති බවයි.

වික්‍රම් සහ ප්‍රග්‍යාන් අවදි නොවන්නේ නම් "ඉන්දියාවේ චන්ද්‍ර තානාපති ලෙස" එය සඳ මත ඉදිරියට ස්තිර ලෙස රැඳී සිටිනු ඇති බව ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කියයි.

Latest