වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතානන්ගේ 147 වන ඡන්ද දින සැමරුම පසුගියදා අනුරාධපුරයේ පිහිටි ඒ මහතාගේ ප්‍රතිමාව අභියසදී පැවැත්වුණි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.පී.සිරිබද්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහා සංඝරත්නය ඇතුළු ගිහි - පැවිදි පිරිසක් එක්ව සිටියේය.
වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය ඉදිරිපිට ඇති පිළිරුවට මල් මාලා පැළදවීම පළමුව සිදු කරන ලදි. ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩල 21 සහ පාසල් නියෝජනය කරමින් දරු දැරියන් විශාල පිරිසක්ද ගුණ සමරු උත්සවයට සහභාගි වී සිටියේය. වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතානන්ගේ ගුණ සිහිකරමින් සංවිධානය කර තිබූ කථික තරගයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රහාක ජයග්‍රාහිකාවන්ට ත්‍යග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.
බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන්ගේ ගුණ සිහි කිරිම කළගුණ දත්, සංස්කෘතියක් ඇති පිරිසක් හැටියට අපගේ යුතුකමක් බව මෙම අවස්ථාවට වැඩම කර සිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් පැමිණි පිරිසට අනුශාසනාවක් කරමින් සදහන් කර සිටියේය.



