Skip to content

මහ කන්නයේදී වව්චර්පත් වෙනුවට ගොවීන්ගේ ගිනුමට මුදල්.

මෙතෙක් කල් රජය විසින් ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය මේ වසරේ එළැඹෙන මහ කන්නයේ දී ක්‍රියාත්මක නොකර ගොවීන්ට සෘජුවම ගිනුම් වෙතට මුදල් බැර කිරීමේ වැඩපිළිවලක් සකස් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2023 වසරේ යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට සහනාධාර ලබාදීමේ දී වවුචර් පත් හරහා එය සිදුකිරීමට රජය විසින් පියවර ගැනීමෙන් පසුව ඒය තවත් විධිමත් බාවයකින් සිදුකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවට වාර්ථා වෙයි.

මේ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 200,00ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 400,00ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට මෙම සහනාධාර වවුචර්පත් නිකුත් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙන්වා දෙයි..

තත්වය ඒසේ පැවතියද වවුචර්පත් බෙදා හැරීමේ දී විවිධ පලාත්වල පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් ඒම ගැටලුවලටද විසඳුමක් වශයෙන් වවුචර්පත් ලබානොදීමටත්ඒ වෙනුවට ලබන මහ කන්නයේ දී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ඔවුන්ගේ ගිණුම්වලටම මුදල් බැරකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම  අමාත්‍යවරයා පවසා ඇත.

Latest