කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකවරයෙකුව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතලව - යක්දැල්ගොඩවත්ත පදිංචිකරුවෙකු වන (අවු:44) ක් වන අයෙකුවය.
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ ගෑස් සිල්න්ඩර 54ක් අස්ථාන ගත වී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය අප්‍රියල් මස 21 වෙනිදා කුලියාපිටිය පොලීසියට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශණයක් සිදු කිරීමෙන් පසුව කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් ඉකුත් 28 වෙනිදා සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.