Skip to content

පිළිකා එන්න එන්නම වැඩි වෙයි..

Photo by National Cancer Institute / Unsplash

ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු පවසයි.

ලංකාවේ පිරිමින් අතර තිබෙන ප්‍රධානම පිළිකාව මුඛ පිළිකා බවත්, එබැවින් දුම්කොළ භාවිතය අඩු කිරීම සදහා පවත්වන වැඩසටහන් සහ දැනුවත් කිරීම් තවදුරටත් වැඩි කළ යුතු බවද විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු පවසන්නීය.

“රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්.

පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට නම් ඇත්තටම දුම්කොළ භාවිතය අඩුකරන්න තියෙන වැඩසටහන් මදි කියලා තමා කියන්න තියෙන්නේ. හුඟාක් දියුණු රටවල්වලට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා. ඒක වයසත් එක්ක හැදෙනවා. ඒකෙන් මැරෙන්නෙත් නෑ.” යැයි ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු වැඩි දුරටත් පවසන්නීය.

Latest