Skip to content

කැනඩාවේ ලැව්ගිනි දුමාරය ඇමරිකාවත් වසාගනී..

කැනඩාවේ මේ වන විට පාලනය කිරීමට නොහැකිව ඇති  ලැව්ගිනි හේතුවෙන් එයින් පිටවන අධික දුමාරය විවිධ රටවලට බලපෑම් එල්ල කිරීම පටන්ගෙන ඇති අතර එහි එක් රටක් වශවෙන් මේ වන විට උතුරු අමෙරිකාවේ මිලියන ගණනක පිරිසකට මෙම දුමාරයේ බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇතිවන අහිතකර දුමාරයෙන් ආරක්ෂා වවීමට ඇමරිකාව අතුලු බොහෝ රටවල් විසින් නිවේදනය කොට ඇත්තේ ලැව්ගිනි හේතුවෙන් ඇතිවන දුමාරය ඉතා අනතුරුදායක වන බැවින් එයින් ආරක්ෂාව වීම සඳහා මුහුණු ආවරණ පැළදීමට උපදෙස් ලබාදී ඇති අතර එසේ නොමැතිනම් අදාළ පිරිස් වෙත ගෘහාශ්‍රිතව සිටින ලෙස දැනුම් දී තිබේ..

මේ අතරම උතුරු අමෙරිකාවේ වෙසෙන මිලියන ගණනක් වන වැසියන්ට සිය නිවෙස්වලින් පිටතට යන්නේ නම් මුව ආවරණ පලඳින ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.පවතින තත්ත්වය අනුව එන් 95 වර්ගයේ මුව ආවරණ පළඳින ලෙසයි සෞඛ්‍ය බලධාරීන් උතුරු අමෙරිකානු වැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයට බව ද සඳහන්. ඉකුත් අගහරුවාදා ලොව වායු දූෂණය අධිකම නගරය ලෙස ඉදිරියට පැමිණ තිබුණේ නිව්යෝර්ක් නගරය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැනඩාව පුරා පැතිර යන ලැව්ගිනි වලින් මේ වන විටත් 100 කට අධික ප්‍රමාණයක් පාලනය කරගැනීමට නොහැකි ඇවිලීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20,000ක් පමණ සිය නිවෙස් වලින් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

එමෙන්ම කැනඩාවේ සමස්ථ ගිනිනිවන බටයින්ට අමතරව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණුඅප්‍රිකාව ආදි රටවලින්ද ගිනිනිවන භටයින් 1000 කට ආසන්න පිරිසක් ගිනිනිවීමේ රාජකාරියට එක්ව සිටියද ඇවිලෙමින් පවතින ලැව් ගින්න ඉතා සීග්‍රෙයන් සහ දැඩිව අවිලීම හේතුවෙන් පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එරට බලධාරීන් පෙන්වා දෙයි.

Latest