Skip to content

ශ්‍රීලංකාවේ ආර්ථිකය දියුණුවට කැනඩාවෙන් සහය..

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය කිරීමට තව දුරටත් කැනඩා රජයේ සහය ලබා දෙන බව කැනේඩියානු මහ  එරික්  වෝල්ෂ්  මහතා අද 03 දා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවු අවස්ථාවේදි    පැවසීය

‌                                      

‌ශ්‍රීලංකාවේ නව මහකොමසාරිස් ලෙසින් පත්වි වැඩ භාර ගැනිමෙන් පසු අද 03 වනද මුදල් අමාත්‍යංශයේදි රාජ්‍ය අමාත්‍යවරයා හමුවිය  එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වු මහ කොමසාරිස්  එරික් වෝල්ෂ් මහතා  ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ වැඩ සටහනට සමගාමිව  ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ වැවැඩපිළිවෙල සම්බන්දයෙන් ප්‍රශංසාව පල  කලේය එමෙන්ම ශ්‍රීලංකාවේ කෘෂිකර්මය නවීකරණය සඳහා අවශ්‍ය වන වැඩ සම්බන්දයෙන්  කැනඩා රජයේ සහය ලබාදීමට දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරින.

‌‌මෙහිදි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ශ්‍රීලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය කිරීම සිදුකල ප්‍රතිසංස්කරණ හා ජනතාවගේ කැපවීම  සම්බන්දයෙන් අදහස් පලකල අතර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යසායකයන් වෙනුවෙන් රජය ගත් පියවර සම්බන්දයෙන් ද විස්තර කරමින් ඒ සඳහා  කැනඩා රජයේ සහය ලබා ගැනීමටද සාකච්ජා  ඒ සඳහා දෙපාර්ශවයේ වැඩි අවධානයක් යොමුවු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක් කිරීමේදී කැනඩා රජයේ සහය තවදුරටත් ලබාදෙන බව මහ කොමසාරිස් වරයා ප්‍රකාශ කලේය

‌                                                      

Latest