Skip to content

ගොඩබිමෙන් විනාඩි 45යි - මුහුදෙන් විනාඩි 05යි

යාපනය කරෙයිනගර් හා ඌර්කාවතුරෙයි අතර මුහුදු මාර්ගයෙන් වන ප‍්‍රවාහන සේවාව ඉකුත් 10 දා සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම මුහුදු ප‍්‍රවාහණ මාර්ගය කාළයක සිට අක‍්‍රීය විම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ අවධානයට පසුගිය දින වල යොමු කොට තිබේ.
මෙම ප‍්‍රවාහණ මාර්ගය බිද වැටිම හරහා එම ප‍්‍රදේශ වල ජනතාව මහත් දුෂකරතා රැසකට මුහුණ දුන් අතර මෙම මුහුදු මාර්ගයේ ගමන් කිරීමට ඇති මාර්ගයෙන් මිනිත්තු පහක වැනි කෙටි කාළයකින් නගර දෙකට ලගා විය හැකි නමුත් මුහුදු මාර්ගය වෙනුවට ගෙඩබිමෙන් පවතින මාර්ගය කිලෝ මිටර් 45 ක් පමණ දුර බව ප‍්‍රදේශවාසීන් පවසයි.

Latest