Skip to content

2023 වසරට ඉන්දීය ධීවරයින් 110 ක් සමග යාත්‍රා 17 ක් අත්අඩංගුවේ.

නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ ජනවාරී සිට  මේ දක්වා උතුරු නැගෙනහිර මුහුදු සීමාවේදී සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 17 ක් සහ ඉන්දීය ධීවරයින් 110 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව පවසයි..

මේ අතර පසුගියදාද යාපනය කරෙයිතීවු සහ කෝවිලන් දූපත අතර වූ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු  අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු සීමාවට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරෙයි නාවික වරාය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අනතුරුව අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 17 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Latest