Skip to content

කිඹුල්වානාඔය ජලාශයෙන් මතුවූ උණ්ඩ..

කුරුණෑගල කිඹුල්වානා ඔය ජලාශයේ වැව් ඉස්මත්තේ දමා ගොස් තිබූ විවිධ වර්ගවලට අයත් උණ්ඩ 128 සහිත මල්ලක් සොයා ගත් බව කුඹුක්ගැටේ පොලිසිය පවසයි.

ටී-56 වර්ගයේ උණ්ඩ 83ක් , එම් 16 වර්ගයේ උණ්ඩ 29 ක්,  එම්.පි.එම්.ජී උණ්ඩ 16ක් මෙම උන්ඩ තොගයට අයත් වන අතර ඒවා වැව් ඉස්මත්තේ දමා ගිය පුද්ගලයා ගැන තවමත් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවූ බව පොලිසිය සදහන් කරයි.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති වරයාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Latest