Skip to content

අයර්ලන්තය අඩියක් පසුපසට දැමීමට බුහුටි ඕමානය සමත් වෙයි

2023 අයිසීසී එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය

දෙවැනි දිනය (19/06/2023)

අයර්ලන්තය සහ ඕමානය අතර එක්දින ජාත්‍යන්තර තරගය

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව අනපේක්ෂිත ජයග්‍රහනයක් ලබා ගනිමින් 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පෙරළියක් කිරීමට, බුලවායෝ හිදී ඕමානය සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ඕමාන පිලට එරෙහිව සිය පන්දුවාර පනහා අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 281 ක් රැස් කර ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබා සිටි අයර්ලන්තය අන්දමන්ද කරමින් කඩුළු 5ක ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕමාන පිතිකරුවන් සම්මාදම් විය.

  • අයර්ලන්තය පරාජය කරමින් ඕමානය, අයිසීසී හි පූර්ණ සාමාජිකත්වය හිමි රටක් පරාජය කළ හත්වන ටෙස්ට් තත්ත්වය නොලද කණ්ඩායම බවට පත්විය. ටෙස්ට් තත්ත්වය නොලද කන්ඩායමක් විසින් ටෙස්ට් රටක් පරාජය කළ පළමු අවස්ථාව 1979 ලෝක කුසලානයේදි ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කිරීමයි.

හැරී ටෙක්ටර් සහ ජෝජ් ඩොක්රල් අයර්ලන්තයට තරගකාරි ලකුණු පුවරුවක් ලබා ගැනීමට දායක වූ අතර ඔවුන්ගේ උත්සාහය කාශ්‍යප් ප්‍රජාපති, අකීබ් ඉල්ලියාස් සහ ඕමාන නායන ෂීසාන් මක්සූඩ්ගේ අර්ධ ශතකවලින් වැසී ගිය අතර ඕමානය ජයග්‍රහනය වෙත කැඳවාගෙන ගිය මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය.

ඕමාන කණ්ඩායමේ පුහුණුකාරිත්ව වගකීම දරන්නේ හිටපු ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස්ය.

ලකුණු සාරාංශය

අයර්ලන්තය : 281/7(50)

ජෝජ් ඩොක්රල් 91(89), හැරී ටෙක්ටර් 52(82), ලෝකන් ටකර් 26(18),

පන්දු යැවීම : බිලාල් ඛාන් 2/64(10), ෆයාස් බට් 2/65(10), ජේ ඔඩෙඩාරා 1/33(6)

ඕමානය : 286/5 (48.1)

කාශ්‍යප් කුමාර් 72(74), ෂීසාන් මක්සූද්  59(67), අකීබ් ඉල්ලියාස් 52(49)

පන්දු යැවීම : මාර්ක් ඇඩයර් 2/47(9.1), ජොෂුවා ලිට්ල් 2/47(10), ජෝජ් ඩොක්රල් 1/38(6)

තරගයේ වීරයා : ෂීසාන් මක්සූද්

Latest