Skip to content

සාමනේර හිමි නමට වසර තුනක් බරපතළ ලිංගික අතවරකළ වැඩිහිටි හිමිවරුන් විහාරස්ථානයෙන් පැන ගොසින්.

කුඩා සාමනෙර හිමි නමකට   වසර තුනක් පුරා බරපතළ ලෙස ලිංගික  අත වර කළ   වැඩිහිටිහිමිවරුන් තිදෙනෙක්  රහසිගතව විහාරස්ථානයෙන් පැන ගොසින්.


පයාගලගොරකදෙනිය  විහාරයක  වැඩ විසුඅවුරුදු 11ක් වයසැති සාමාණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇතැයි පයාගල පොලීසියකිය .

පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර
සාමණේර හිමිනමගේ මව විසින්  පොලිස්  ලමා හා  කාන්තා  කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන්  පයාගල පොලීසිය  පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, සාමණේර හිමිනමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් සිය කුටිවලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවටය.

සිද්ධියට මුහුණ දුන් සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.
සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත
පයාගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.වයි යු ද සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්පරීක්ෂණ සිදුකෙරයි.

Latest