Skip to content

"බුද්ධ රශ්මි" ග්‍රන්තයේ 07 වන කලාපය එළි දකී.

මහනුවර බෞද්ධ සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් මුද්‍රණය කොට බෙදා හරින "බුද්ධ රශ්මී" ජාත්‍යන්තර වෙසක් කලාපය පසුගියදා බෙදා දීම සිදු කරන ලදි. බුද්ධ රශ්මි ග්‍රන්තය මෙවර මුද්‍රණය කරන ලද්දේ 07 වන වතාවටය.

බුද්ධ රශ්මි වෙසක් කලාපය මහා සංඝරත්නයට පිළිගැන්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විසින් සිදු කරන ලදි.

අනතුරුව ප්‍රදේශයේ පුස්ථකාල වෙතද බුද්ධ රශ්මි ග්‍රන්තයේ පිටපත් නොමිලේ බෙදා දීම සිදු කරන ලදි. වෙසක් දිනය නිමිත්නෙන් සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන භාෂා ත්‍රිත්තවයෙන්ම මුද්‍රණය කරන මෙම සගරාව ලෝකයේ රටවල් 100 ක විශ්ව විද්‍යාල වෙත ලබා දීමද විශේෂත්වයකි.

බුද්ධ රශ්මි ග්‍රන්තය විමලසේන කළුගමගේ මහතාගේ සංස්කරණයකි.

බුද්ධ රශ්මි ග්‍රන්තය බෙදා දෙන අවස්ථාවට මහනුවර දිසා ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, පාසල් දරු දැරියන් සහ තවත් පිරිසක්ද සහභාගි වී සිටියේය.

Latest