Skip to content

වෙසක් පෝ දින බුද්ධ ප්‍රතිමාවක් අසල දින පහක් වයසැති බිලිඳකු දමා ගිය මව අත්අඩංගුවට

වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේබුදු පිලිමය යට වෙසක් පෝ දින කුඩා බිළිඳෙකු දමාගිය මව සැකපිට අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලීසිය සදහන් කරයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක කාන්තාවකි. පොලීසිය එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදීඇය පවසා ඇත්තේතමන් විවාහක කාන්තාවක් බවත්දරු දෙදෙනකුසිටින බවත් මෑතකදී උපන් දරුවාගේ පීතෘත්වය සැමියා විසින්ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්කලකිරීමට පත්ව එසේ දරුවා අතහැර දැමීමට අකමැත්තෙන් වූවද සිදුවූ බවයි .

මග දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරික්ෂාකිරීමෙන් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වත්තේගම පොලීසිය කියයි.

දින පහක් වයසැති එම බිළිදා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍ය පහසුකම් එහි නොමැතිවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .

දරුවාගේ මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

Latest