කර්මාන්ත ශාලාවල සහ ජනතාව විසින් මුදාහරින රසායනික ද්‍රව්‍ය සහ සබන්, ඩිටර්ජන්ට්, දන්තාලේප සහ ෂැම්පූ වැනි දේ හේතුවෙන් බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හි දිගම ගංගාව ලෙස සැලකෙන ටියෙට් ගංගාව මේ දිනවල විෂ සහිත පෙණවලින් වැසී ගොස් ඇති බවට ඒරට මාදය විසින් පෙන්වා දෙයි.
පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට මේ වන විට කිලෝමීටර්ට් 100 කට අධික දුරක් මෙම විෂ සහිත පෙණ ගලා යම නිසාවෙන් ටියෙට් ගංගාව දූෂිතම ගංගාව ලෙස වාර්තා අතර ට එක් ව ඇති බවටය.


දැඩි දුඟදක් සමගින් නිර්මාණය වී ඇති මෙම විෂ පෙණ හේතුවෙන් දැඩි පාරසරික් බලපෑමක්ද ඇතිව තිබෙන අතරම මසුන් මෙන්ම පක්ෂීන් හටද මෙය බලපා ඇතැයිද පරිසර වේදීන් පෙන්වා දෙයි.
ඒමෙන්ම මෙම ගංගාව කලාපයටම ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය ලෙස ද සැලකෙන බැවින බ්‍රසීලයේ ජනගහනය වැඩිම නගරයක් වන සාවෝ පාවුලෝ හි ජන ජීවිතයට මෙයින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
තවද විෂ පෙණ හේතුවෙන් ගංගාවේ ජලජ ජීවීන් රැසක් මියගොස් ඇති අතර ධීවර ප්‍රජාවටද එල්ල වී ඇත්තේ ප්‍රබල බලපෑමකි..


ප්‍රදේශ රැසක විවිධ කර්මාන්තශාලාව මඟින් රහසේ ගංගාවට බැහැර කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන්ම පොස්පේට් සහ පොස්පරස් ඇතිවී මෙම අහිතකර තත්ත්වයට ඇතිව තිබෙන බවත් ඒ අනුව ටියෙට් ගංගා ජලය සමග හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිශ්‍ර වී තිබීමෙන් එහි මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද අහිතකර බැක්ටීරියා විශාල ප්‍රමාණයක් අඩංගු වී ඇති බවද පරිසරවේදීන් පෙන්වා දෙයි.
මෙලෙස ටියෙට් ගංගාවේ කලක පටන් අවස්ථා රැසකදී ටියෙට් ගංගාව මෙලෙස දූෂණයට ,ලක්ළුූ බවට වාර්ථා වන අතරම 2021 වසරේ දී ටියෙට් ගංගාවේ දිගින් කිලෝ මීටර 85ක කලාපයක් පුරා මෙම විෂ පෙණ සහිත ස්වභාවය දක්නට ලැබුණු බවත් 2022 වසරේ දී එය සියයට 40 කින් ඉහළ ගොස් තිබුණු බවටද බ්‍රසීලයේ පරිසර වෙදීන් වැඩි දුරටත් පෙන්වා දෙයි.