Skip to content

Britain's Got Talent හි අවසන් මහා තරගයට සුදුසුකම් ලත් උගන්ඩා දරුවන්!

උගන්ඩාවේ ළමුන් පිරිසක් Britain's Got Talent හි අවසන් මහා තරගයට පැමිණීමට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ගේ විස්මිත නර්තන හැකියාවන් හේතු කොට ගෙන විනිසුරුවරුන්ගේ මෙන්ම මහජනතාව අතර ද​ අමන්දානන්දයට පත්ව ඇතැයි වාර් තා වේ.​ ඔවුන් සිය රංගනය අවසන් කිරීමටත් පෙර එක් විනිසුරුවරයෙකු විසින් "golden buzzer" ලබා දීම හේතුවෙන් මෙම දරුවන් දැනටමත් ඉතිහාසගත වී ඇතැයි සදහන් ය​.

මෙය ඔවුන්ව කෙලින්ම බදාදා දින අවසන් පූර් ව තරගයට යොමු කරනු ලැබූ අතර එහිදී ඔවුන් වැඩිම public votes ප්‍රමාණයක් ලබා ගෙන තිබුණි. මේ හේතුවෙන් ඔවුන් ඉරිදා දින පැවැත්වෙන අවසන් මහා තරගයට තේරී පත් විය​. වයස අවුරුදු 5 සහ 13 අතර පරාසයේ ළමුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වන මෙහි සියල්ලෝම පාහේ උගන්ඩාවේ අගනුවර වන කම්පාලා හි දිළිඳු පසුබිමකින් පැමිණි අය වන අතර, දරුවන්ගේ භාරකරු (guardian) ලෙස කටයුතු කරනු ලබන්නේ කළමනාකරු 'Dauda Kavuma' විසිනි. ඔහු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙම දරුවන්ගේ සාර්ථකත්වය තුලින් මෙවැනිම වටපිටාවක ජීවත් වන අනෙක් උගන්ඩානු දරුවන් වත් දිරිමත් කළ හැකි යැයි තමන් අපේක්‍ෂා කරන බවයි.

"මෙම කටයුත්ත දිගටම කරගෙන යාම අපට මහත් සතුටක්. ලොව පුරා වෙසෙන අව වරප්‍රසාදිත දරුවන්ට ඔවුන්ගේ ජීවිත වල පරිවර්තනයක් ඇති කල හැකි යැයි වන බලාපොරොත්තුවක්." ඔහු වැඩිදුරටත් පැවසීය​.

Latest