Skip to content

බ්‍රිතාන්‍ය මහ කොමසාරිවරිය යාපනයේ සංචාරයක.නව ආණ්ඩුකාරවරියත් හමුවෙයි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය හා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය අතර හමුව.

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය උතුරු පළාත් සංචාරක නිරතවීම ඊයේ(22) හා අද(23) දිනයේ සිදුකළහ.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ පළමු විදෙස් නියෝජිත හමුවීමද බ්‍රිතාන්‍ය මහකොමසාරිවරිය සමඟ යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙදී සිදුකෙරිණ.

උතුරු පළාතේ වර්තමාන තත්වය, බ්‍රිතාන්‍ය රජයේ ආධාර යටතේ සිදුකරන උතුරු පළාත් සංවර්ධන වැඩසටහන් හා යුද්ධයෙන් පීඩාවට පත් පිරිසගේ ජන ජිවිත නඟා සිටුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිවරිය එහිදි සාකච්ජා පැවැත්වුහ.

යාපනය සංචාරය අතුර තුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිවරිය යාපනය නල්ලූර් කෝවිල නිරීක්ෂණයටද එක්විණ.

සාකච්ජාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය නියෝජිත බෙන් මෙලර් මහතා හා බ්‍රිතාන්‍ය  නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

Latest