Skip to content

බ්‍රික්ස්වරු අලුත් ගමනක් යයිද?

ලෝක දේශපාලන ආධිපත්‍යය ලෝක  ආර්ථික තත්වයන් තුළ නිර්මාණය වන බව පැහැදිලිය.ඇත අතීතයේ ලන්දේසී අධිපත්‍යය ලෝකය තුළ ව්‍යප්තව පවතින සමයේදී ගිලිබර් Gilber මුදල් එකකය ප්‍රචලිතව පැවතුණු අතර පසුව ලෝක දේශපාලන බලය බ්‍රිතාන්‍යයට මාරු විමත් සමග පවුමි pound මුදල් එකකයක් විදිහට වඩාත් ප්‍රචලිත විය.ඉන් පසුව එක්සත් ජනපද ඩෝලරය Us Dollar මුදල් එකකයක් ලෙසට ලොව පුරා ප්‍රචලීතවු අතර 1944 දී පමණ ලෝක ලෝකයේ නිල සංචිත මුදල බවට එය පත්විය.එතැන් පටන් දශක ගණනාවක් තිස්සේ ඇමරිකනු එක්සත් ජනපද ඩොලරය ලෝක  අර්ථක  ආධිපත්‍යය දරන ලදී.නමුත්  ආසියානු රාජ්‍යයන් දෙකක් වන චීනය සහ ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වීම තුළ ඔවුන් ස්වකීය මුදල් ඒකකයක් දේශීය මෙන්ම  ජාත්‍යන්තරව   භාවිතා කිරිමට උනාන්දු වන ආකාරයත් දක්නට ලැබේ.මෙලෙස එම රාජ්‍යයන් තමන්ගේම මුදල් ඒකක වලින් ගනුදෙනු කිරීම ආරම්භ කිරීම ඇමෙරිකානු ආධිපත්‍යය පවතින ඩොලරය බිඳවැටීමට සහ පහළ හෙලිමට හේතුවක් විය හැකිය.

මෙම ප්‍රවණතාවය නිර්මාණය වීමට රුසියානු සහ යුක්ක්‍රේන යුද්ධය  යම්තාක් දුරට බලපෑ ආකාරය නිරීක්ෂණය කර ගත හැකිය. විශේෂයෙන් රුසියාව යුක්ක්‍රේන රාජ්‍යයට  ප්‍රහාර එල්ල කිරීමත් සමග බටහිර රාජ්‍යයන් විසින් විශාල වශයෙන් ආර්ථික සම්බාධක පැනවීම සිදු කළේය.මෙම තත්ත්වය තුළ රුසියාව සමග  තෙල් සහ ගල් අඟුරු ආදී ගනුදෙනු කිරීමේදී මධ්‍යස්ථ රටවල් වල මුදල් ඒකක භාවිතා කිරීමට උත්සුක වෙන ආකාරයක් දක්නට ලැබුණහ.මෙම තත්වය තුළ බ්‍රසීලය රුසියාව ඉන්දියාව චීනය සහ දකුණු අප්‍රිකාව තම රටවල් වල ගනුදෙනු කිරීම සඳහා පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමට ගවේෂණය සිදු කරමින් පවතින බව සඳහන් වේ.ඒ අනුව 2023 අගෝස්තු මාසේ මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුව Brics Conference තුළින් නව මූල්‍ය විධිවිධානයක් ප්‍රකාශයට පත් කිරීමට පත් කිරීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් වේ.බ්‍රික්ස් සමුළුව Brics Conference  2009 දී පළමු වරට පවත්වනු ලැබූ අතර එය අරාමිභයේදි  බ්‍රසීලය,රුසියාව,චීනය,ඉන්දියාව යන රටවල් වල් හතර පමණක් නියෝජනය කරනු ලැබිය.මෙම සමුළුව පවත්වා වසරක් ගෙවෙන තැන දකුණු අප්‍රිකාව එහි සාමාජිකත්වය ලබා ගත්හ.

මෙම රාජ්‍යයන්  පහ තුළ ලෝක ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වාසය කරනු ලබයි.ජනතාව බිලියන 3.2 ක් පමණ ජීවත් වන අතර මෙම  තත්වය ලෝක දේශපාලනයට මෙන්ම ලෝක ආර්ථික තත්වයට  සිදුවන බලපෑම් කළ හැකි තත්ත්වයක් බව පැහැදිලිය.පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලිහි ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ St Pertersburg International Economy Form  උත්සවයක් පැවැත්වූ අතර එයට රුසියානු පාර්ලිමේන්තුවේ (ඩුමාහි) හි සභාපති ඇලෙක්සැන්ඩර් බබනොවු Alexander Babanovu සහාභාගිවු අතර මෙම තත්වය පිළිබදව ප්‍රකාශනයක් සිදු කරනු ලැබුහ.

එතුමා ප්‍රකාශ කරන ආකාරයට ගනුදෙනු කිරීමේදී විදේශීය මුදල් භාවිතා කිරීමට සහ සංක්‍රමණය වීම අරමුණ බවයි.එ අනුව ඩිජීටල් හෝ විකල්ප  මුදල් වර්ගයක් සංසරණයට ගවේෂණය සිදු කිරිමට ඉඩ ඇති බව සදහන්වේ.මෙම තත්වය රුසියානු පුවත් එජන්සියක් වන ස්පුටිනික් Russian News Agency Sputnik  වර්තා කරන පරිදි මෙම නව මුදල් එකකයක් නිර්මාණ කිරිමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු සිදුවෙමින් පවතීන අතර මෙම සුවිශේෂ මුලපිරිම  ක්‍රියාත්මක කිරිමට සුදානම බ්‍රික්ස් BRICS නායක සමුළුවේදි හෙලිදරවි විය හැකි බව බබනොවි Babanovu වැඩිදුරටත් සදහන් කළේය.BRIC යන යෙදුම නිර්මාණය කරනු ලැබුවේ අර්ථක විද්‍යයෙකු වන Jim O Neil විසින්ය.එම සංවිධානයට දකුණු අප්‍රිකාවද එකතුවු පසුව BRICS ලෙසට වෙනස් විය.මෙහිදි Jim O Neil පවසන ආකරයට නැගි එන රාජ්‍ය පද්ධතින් මෙම සංවිධානයට එකතුවුවහොත් ගෝලීය වශයෙන් සාධරණ බදු මුදල් පද්ධතියක් මතු විය හැකි බව වැඩි දුරටත් සදහන් කරයි.

අසියාවේ නැගී එන යෝධ අර්ථකයකට උරුමකමි කියන චීන සහ ඉන්දියානු රාජ්‍යයන් දෙක අතර ඇතිවන එකගතාවය මෙම නව බ්‍රික්ස් BRICS මුදල් එකකය නිර්මාණය කිරිමට හේතු විය හැකිය.එවාගේම ඉන්දියාව සහ චිනය මේ වන විට  සිය දේශිය මුදල් ජත්‍යන්තකරණයට උනාන්දු වෙමින් පවතී.එනමි ඉන්දියාව සිය දේශීය රුපියල් ඩොලරය වෙනුවට අදේශ කිරිමට නිරන්තර උත්සහායක නිරත වෙමින් සිටි.එවාගේම දීල්ලිය විසින් ඩොලර් හිගයට මුහුණ දෙමින් සිටින රටවලට ඔවුන්ගේ වෙළද ගෙවිමි ඉන්දියානු රුපියලේන් පියවා ගැනිමට ඉදිරිපත් කරන ආකරය දිස්වේ.මෙම ලෝක ප්‍රවණතාවය නිර්මාණය වීමට රුසියානු සහ  යුක්‍රේන යුද්ධය ද යම්තාක් දුරට බලපෑ ආකාරය නිරීක්ෂණය විය.විශේෂයෙන් රුසියානු රාජ්‍ය සේවයට ප්‍රහාර එල්ල කිරීමත් සමග බටහිර රාජ්‍යයන් වලින් විශාල වශයෙන් ආර්ථික සම්බාධක පැනවීම සිදු කළේය.මෙම තත්ත්වය තුළ රුසියාව සමග තෙල් සහ  ගල් අඟුරු ආදී ගනුදෙනු කිරීමේදී මධ්‍යස්ථ රටවල්  වල මුදල් ඒකක භාවිතා කිරීමට උත්සුක වන ආකාරයක් දක්නට ලැබුණහ.ඒවාගේම ඉරානය,වෙනිසියුලාව සහ රුසියාව වැනිරටවල් තෙල් බෙදාහැරීම සඳහා 2018 දීෂැංහයි- ෂැංහයි ජත්‍යන්තර බලශක්ති හුවමාරුව Shanghai International Energy Exchange (INE) අරාමිභ කළේය.

ස්විටිසර්ලන්තය පදනම් කරගත්  ජත්‍යන්තරබේරුමිකරණ බැංකුවට Swizerland Based Bank  අනුව ගෝලීය වෙළදාමෙන් හරිඅඩක් පමණ ඉන්වෝයිස්කර ඇත්තේ ඇමරිකානුඩෝලරයයි.ඒක්සත් ජනපද ඩෝලරය යමිකිසි ලෙසකින් අධිපත්‍යය අඩුවිම සිදුවුවහෝත් එක්සත් ජනපද අර්ථක සහ දේශපාලන යැපිම තුළින් නිර්මාණය වන  අර්ථකමය තත්වයන් යමිකිසි වෙනසකට භාජනය විය හැකිය.එවාගේම රටවල මුදල් උචිචාවචනයන් සහ පොලි ආනුපාත වෙනස්විමි වලට නිරාවරණය විම අඩු කළ හැකිය.ඊට අමතරව අර්ථක ස්ථාවරත්වයන්ට වැඩිදියුණු කිරිම සහ මුල්‍ය අර්බුද අවදානම අඩු විමටද හැකියාව ලැබිය හැකිය.කෙසේ හෝ ඉන්දියාව සහ චීනය අතර පවතීන දේශසිමා අර්බුද සහ ගැටුමිකාරි තත්වයන්  කළමණාකරණය කර ගැනිම බ්‍රික්ස් රාජ්‍යයන් වල අර්ථක එකමුතුභාවය මත ලෝක බල දේශපාලනයේ දීශානතිය තීරණය කරනු ලබයී.

Latest