Skip to content

තරගාවලි වාර්තා 17ක් බිඳ හෙලමින් ජාතික කණිශඨ මලළ ක්‍රීඩා තරගාවලිය අවසන් වෙයි!

20න් පහළ දුර පැනීමේ ඉසව්ව ජයගත් නන්නපුරාව මහා විද්‍යාලයේ මධුශානි හේරත්.

පසුගිය 07 වැනිදා සිට දින හතරක් මුළුලේලේ පැවැති 63වැනි ජාතික කණිශ්ඨ මලළ ක්‍රීඩා තරගාවලිය අද (10) නිමාව දකිද්දි තවත් තරගාවලි වාර්තා 04ක් අලුතින් ලියැවුණි. ඒ අනුව තරගාවලිය පුරා නව තරග වාර්තා 17ක් පිහිටුවීමට තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සමත් වූහ.

තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වූවත් සැලසුම් කර ආකාරයටම තරග සියල්ල පවත්වා අවසන් කිරීමට සංවිධාකයින් සමත් වීම අගය කළ යුතු ය.

වයස අවුරුදු 20න් පහළ බාලක තුන් පිම්ම ඉසව්ව මීටර් 15.89ක දුරක් පනිමින් තරගාවලි වාර්තාවට හිමිකම් කීමට කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ මලිත් යසිරු සමත් විය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දු බාලිකා 16න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12.58කින් නිම කරමින් තරගාවලි වාර්තාවට හිමිකම් කීවාය.

23න් පහළ බාලක මීටර් 400 ඉසව්ව තත්පර 47.06ක කාලයකින් නිම කළ වූ යුද හමුදා ක්‍රීඩක ආර්. මදුශාන් එම ඉසව්වේ තරගාවලි වාර්තාව සිය නම ඉදිරියෙන් සනිටුහන් කර ගත්තේය.

යාපනය හාට්ලි විද්‍යාලය නියෝජනය කරමින් 18න් පහළ මිටිය විසි කිරීම ඉසව්වට සහභාගි වූ විමලදාස් නිදර්ශන් මීටර් 35.19ක් දුර විසිකරමින් වාර්තා පොත් අතරට එකතුවීමට සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙණ සම්මානය දිනා ගත්තේ 20න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ මලිත් යසිරු විසින් ය.

තරගාවලියේ බිඳ වැටුණු වාර්තා

පිරිමි 23න් පහළ
මීටර් 200 - අයි.කේ.බී.අබේවර්ධණ (තත්පර 21.65) - ශ්‍රී ලංකා යුධ හමුදාව
මීටර් 400 - එච්.ඩී.ආර්.මධුශාන් (තත්පර 47.06) - ශ්‍රි ලංකා යුධ හමුදාව
මීටර් 400 කඩුළු - කේ.එම්.ඩී.දර්ශණ (තත්පර 51.24) - ශ්‍රී ලක් මලළ ක්‍රීඩා සංගමය
කවපෙත්ත විසි කිරීම - සුෂීන්ති කුමාර් මිතුන්රාජ් (මීටර 43.61) - හාට්ලි විද්‍යාලය, යාපනය

කාන්තා 23න් පහළ
මීටර් 100 කඩුළු - එස්.එල්.දිසානායක (තත්පර 14.51) - ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර
මිටිය විසිකිරීම - නිතින්සා මන්දනි (මීටර 40) - යටියන මහා විද්‍යාලය, මාතර

පිරිමි 20න් පහළ
මීටර් 100 - සුමිල තේමිය කුමාර (තත්පර 10.77) - පන්නල මධ්‍ය විද්‍යාලය, කෑගල්ල
තුන් පිම්ම - මලිත් යසිරු (මීටර 15.89) - කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය, කහවත්ත

කාන්තා 20න් පහළ
මීටර් 100 කඩුළු - එස්.ඩී.කහන්ගම (තත්පර 44.45) - මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර

පිරිමි 18න් පහළ
මීටර් 400 කඩුළු - කේ.එල්.ඒ.අකලංක (තත්පර 52.66) - අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, අඹගමුව
රිටි පැනීම - තුෂේන් සිල්වා (මීටර 4.50) - මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව
මිටිය විසිකිරීම - විමලදාස් නිදර්ශන් (මීටර 35.19) - හාට්ලි විද්‍යාලය, යාපනය

කාන්තා 18න් පහළ
මිටිය විසිකිරීම - යුතාරා ලිඳුලි ජයවීර (මීටර 36.79) - අනුලා විද්‍යාලය, නුගේගොඩ

පිරිමි 16න් පහළ
මීටර් 300 කඩුළු - යූ.එම්.ඒ.සන්දීප (තත්පර 40.31) - අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, අඹගමුව
උස පැනීම - තරුෂ මෙන්ඩිස් (මීටර 1.94) - ලයිසියම් ජාත්‍යන්තර පාසැල, වත්තල

කාන්තා 16න් පහළ
මීටර් 100 - ධනංජනා ෆර්නෑන්ඩු (තත්පර 12.58) - ලයිසියම් ජාත්‍යන්තර පාසැල, වත්තල
මීටර් 300 කඩුළු - එච්.එම්.එන්.එස්.සෙනෙවිරත්න (තත්පර 46.44) - මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර

ඒ ඒ වයස් කාණ්ඩ සඳහා වූ අභියෝගතා සම්මානලාභින්

16න් පහළ බාලිකා - සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය
නේත්‍රා සමාධි - විජිත මධ්‍යමහා විද්‍යාලය, දික්වැල්ල

16න් පහළ බාලිකා - එන්.ඒ.කිවු.එන්.ඒ. කුරේරා අභියෝගතා කුසලානය
බිනුද බෝජිත - රාහුල විද්‍යාලය, මාතර

18න් පහළ බාලිකා - දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය
ඩී.ඒ.එස්.හංසිකා - අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, අඹගමුව

18න් පහළ බාලක - එන්.විරාවනාදන් අභියෝගතා කුසලානය
කේ.එල්.ඒ.අකලංක - අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, අඹගමුව

20න් පහළ බාලිකා - දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්ලිව්.විමලදාස අභියෝගතා කුසලානය
එච්.එම්.එන්.එම්.හේරත් - නන්නපුරාව මහා විද්‍යාලය, බිබිල

20න් පහළ බාලක - ඩී.ස්ටැන්ලි තාබෲ අභියෝගතජ කුසලානය
මලිත් යසිරු - කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය, කහවත්ත

23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
එස්.බී.එස්.එල්. දිසානායක - ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර

23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
කේ.එම්.ඩී.දර්ශන - ශ්‍රී ලක් මලළ ක්‍රීඩා සංගමය

Latest