Skip to content

බෝම්බ කෑලි ඇඟේ තියන් දිවි ගෙවන උතුරේ වැසියෝ

යුද්දය අවසන් වුවත් එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් කන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

අවසන් යුද්දයේදී කාලතුවක්කු, මෝටාර්, බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි තවමත් ශරීරයේ තබාගෙන වවුනියාව සහ යාපනය පළාත්වල පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් ජීවත් වන බවට එම ප්‍රදේශයන්හි ඇති ස්වේච්ඡා සංවිධාන මගින් පෙන්වා දෙයි.

‘‘අදාල සංඛ්‍යා ලේඛනවලට අනුව දැනට සොයාගෙන ඇති ප්‍රමාණයන්ට අනුව සියයට වැඩි පිරිසක් පාසල් සිසුන්. උතුරු පළාත තුල මේ අන්දමට දහසකට වැඩි පිරිසක් ඇති බවටත් කිළිනොච්චිය, මුලතිවු හා මන්නාරම යන පළාත්වල තොරතුරු රැසකර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයිද එම සංවිධාන මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘‘ශරීරය තුළ මෙම බෝම්බ කැබලි තබාගෙන මේ පිරිසට ජීවත් වීමට සිදුව ඇත්තේ උතුරේ රෝහල්වල පහසුකම් නොමැති කමත් ඔවුන්ට බෝම්බ කැබලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වට ගෙවීමට නොහැකි නිසාත්ය.

වවුනියාවේ සාස්ත්‍රීකුලං කලම ගම්මානයට ගිය විටදී එහි සත්‍යතාවය පෙනී ගියේ ගම්මානයේ වෙසෙන කාන්තාවක් වූ  පී.සාරිතා කාන්තාව කියා සිටියේ මෙවන්නකි.

පී.සාරිතා

‘‘මගේ එක ඇසක් පේන්නේ නැහැ ඒ මුලතිව් වල ඉන්නකොට මෝටාර් බෝම්බයක් පත්තුවෙච්ච වෙලාවේ මම ලග හිටියා ඒ වෙලාවේ මගේ ඇසත් අහිමි වෙලා මට හොඳටම තුවාල වුනා මේ වෙනකොට අපි නැවත පදිංචියට වව්නියාවේ ඉන්නේ මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා මගේ ඇස අසලත් කාකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් තියෙනවා කියාල රෝහලට ගියාම දොස්තරල මට කිව්වා නමුත් ඒ බොම්බ කෑලි ඉවත් කරන්න ආණ්ඩුවේ රෝහල් වල පහසුකම් නැහැලු පෞද්ගලික රෝහලකින් තමයි ශල්‍යකර්මයක් මාර්ගයෙන් මේ බොම්බ කෑල ගන්න වෙලා තියෙන්නේ මට මගේ දරුවන්ටත් කන්න එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන් පෞද්ගලික රෝහලකදී ඇස අසල ඇති මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් පණස්දහසක යනවා බෙහෙත් සදහා තවත් වෙනම මුදලක් අවහ්‍ය වෙනවා ඉතිං මේ මුදල අපිට නැති නිසා මේ බොම්බ කෑලි ඇග ඇතුලෙම තියන් පුලුවන් කාලයක් ජීවත් වෙනවා.

අනතුරුව වවුනියාවේ කූමාංකුලමේදී හමුවුණු එස්.කන්නන් කියා සිටියේ.

එස්.කන්නන්

මගේ කකුලේ කාලතුවක්කු උණ්ඩ කැබලි 11 ක් මුලින් තිබුනා ඉන් 4 ක් ඉවත් කරගත්තා තවත් හතක් තියෙනවා ඉතිරි කැබලි හත ඉවත් කිරීමට වවුනියාව රෝහලේ පහසුකම් නොමැති නිසා වසර ගාණක් තිස්සේ මම මේ වේදනාව විඳිනවා දැන මට ඇවිදින්නත් අපහසුයි ඇවිද්දහම බොම්බ කැබලි වලට කකුල පුදුම වේදනාවක් දැනෙන්නේ කව්රු හරි අපිට පිහිට වෙලා මේ බොම්බ කැලි ටික ඉවත් කරගන්නට උද්වක කරනවනම් අපිට ඒ ඇත.

‘‘අපි ගෙදර ඉන්න වෙලාවේ එක වරම මේ බොම්ම උඩින් ඇවිත් පත්තු වුනේ ඉතින් ඒ බොම්බ කොයි පැත්තකින් ආවද කවුරු එල්ල කරාද කියන්න අපි දන්නේ නැහැ පත්තු වේච්ච බොම්බ පත්තු වුනා නමුත් වේදනාවන් විඳින්න වෙලා තියෙන්නේ අහින්සක අපිට.

යුද්දය අවසන් වී වසර 13 ක් ගත වෙලා අද වන විට යමෙකුට අපේ රටේ යුද්දයක් තිබුනද යන්නත් අමතක වෙලා හමාරය නමුත් එදා අවසන් යුද්දයේදී ගෙවුනු දශමෙන් දශමේ තප්පරෙන් තප්පරයක් පාසා ගෙවෙන හැම මොහොතකම තම ජීවිතිය බොරාගැනීමේ සටනකට මුහුණ දුන් මේ මිනිසුන්ගේ යුද මතකය මේ බොම්ම කෑල තම ඇගතුල තිබෙනතාක් කල් හොල්මන් කරනු ඇත.

එවැනි මානසික පීඩනයකින් සිටින මේ ජනතාව දෙස පළමුව ඇස් කන් යොමා ඔවුන්ගේ හෙට දවසට යුද මානසිකත්වයෙන් තොරව මුහුණ දීමට අවස්ථාව උදාකරලීම වගකිවයත්තන්ට බාරය.

Latest