Skip to content

"බිම්ස්ටෙක්" සමුළුව කොළඹදී.

"බිම්ස්ටෙක්" හෙවත් බහු ආංශික තාක්ෂණික සහ අර්ථික සහයෝගතාවය සදහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල විද්වත් මණ්ඩල සමුළුව මේ දිනවල කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.

ඉකුත් 24 වෙනිදා ආරම්භ වූ මෙම සමුළුව ලබන 27 වෙනිදා අවසන් වීමට නියමිතව ඇත.

බංගලාදේශය,භූතානය,ඉන්දියාව,මියන්මාරය,නේපාලය සහ ශ්‍රී ලංකාව යන අග්නිදිග ආසියාණු රටවල් 06 ක නියෝජිතයින් බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වේ.බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියාණු සහ අග්නිදිග ආසියාණු රටවල ආර්ථික සහ තක්ෂණික සහයෝගීතාවය ඇති කිරීම මෙම සමුළුවේ අරමුණ වී ඇත.

කලාපය තුළ වසංගත සදහා සුදානම හා ප්‍රතිචාර දැක්වීමේ කලාපීය යාන්ත්‍රණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම,කලාපීය සෞඛ්‍ය ආරක්ෂාව වැඩිදියුණු කිරීම හා මහජන සෞඛ්‍ය වැඩි දියුණු කිරීමේ ඉලක්ක සපුරා ගැනීම පිළිබදව හවුල්කාර ආයතන සමග දීර්ඝ යන් සාකච්ඡා කිරීම මෙවර පැවැත්වෙන සමුළුවේ අරමුණ වී ඇත.

Latest