Skip to content

බීර බොන්න එපා කිව්වහම SM ට ගහලා....!

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්(04) දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

ඉකුත් 13 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තිදෙනෙකු (03) දෙනෙකු ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර ඇත.

පුද්ගලයින් තිදෙනෙකු 13 වෙනිදා රාත්‍රී කාලයේ බෝලවත්ත දුම්රිය ස්ථානයට තුළ ඇති ආසන වල වාඩිවී බීර පානය කිරීමට උත්සාහ කර ඇත.එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ බීර පානය කිරීමට නොහැකි බව පවසා ඇත.එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇත.

අනතුරුව එම පුද්ගලයින් තිදෙනා මන්නා පිහියක් සහ රීප්ප පටියක්ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් ඇත.පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

වහාම ක්‍රියාත්මක වී ඇති වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්කොටුව පදිංචි 45 හැවිරිදි අයෙකුවය.අනෙක් සැකකරු පලා ගොස් ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest