Skip to content

ඕස්ට්‍රේලියාවේ වසර 30කට පසු වූ දරුණුතම බස් අනතුර

ඕස්ට්‍රේලියාවේ හන්ටර් නිම්නයේ මංගල සාදයක් සඳහා ගමන්ගත් බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය මගින් පෙන්වා දෙයි.

සිඩිනි නුවරට වයඹ දෙසින් වූ ග්‍රේටා නගරයට ආසන්නයේ මාර්ගයේ ගමන්ගත මෙම බස් රථය පෙරලී යන අවස්ථාවේදී මංගල සාදය සඳහා සහභාගීවීමට පුද්ගලයින් 35 දෙනෙකු ගමන්කරමින් සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථය රියදුරු විසින් අධික වේගයකින් ගමන්කොට ඇතැයි තුවාල ලැබූවන් පොලීසියට පවසා ඇති අතර අධික වේගය හේතුවෙන් රියදුරුට බස්රථය පාලනය කරගැනීමට නොහැකිව බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇතැයි පොලීසිය සැකපල කර සිටියහ.

කෙසේ වෙතත් වසර 30 ක කාලය තුලදී එරට සිදුවුනු බස්අනතුරු වලින් දරුණුතම අනතුර මෙය බවටත් බසරථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි එරට පොලීසිය විසින් වැඩිදුරටත් පවසා සිටියි.

Latest