Skip to content

ලාංකික සම්බවයක් සහිත බිබිසි මාධ්‍යවේදියා මියයයි.

බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රකට ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියයන විට වයස අවුරුදු 67 ක්වු අලගයියා මහාතා 2014 වසරේ සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය.

බිබිසි වෙනුවෙන් සිදුකළ සේවය වෙනුවෙන් හෙතෙම දෙවන එළිසබෙත් රැජිනගෙන් සම්මාන පවා ලබාගත් ප්‍රකට මාධ්‍යවේදියෙකි.

හෙතෙම 1955දී කොළඹ දී උපත ලබා තිබූ අතර ඔහු 1963දී දෙමව්පියන් සමග ඝානාවේ පදිංචියට ගොස් තිබුණි.

ඔහුගේ පියා ඉන්ජිනේරුවෙක් වන අතර, වාර්තාවල දැක්වෙන්නේ කුඩා ජෝර්ජ් වයස අවුරුදු 11දී එංගලන්තයේ පදිංචියට ගිය බවය.

වසර ගණනාවක් බිබිසි පුවත් සේවයේ පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු ලෙස  අලගයියා මහතා කටයුතු කළේය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන හෙතෙම බිබිසි news at six ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය වෙනුවෙන්ද දායකත්වය දැක්වීම.

Latest