Skip to content

ලොකු පොලියක් ගන්න මුදල් දෙන්නේ බලාගෙනයි

නිත්‍යානුකුල නොවන මුල්‍යායතනයක් පවත්වාගෙන යමින් කෝටි ගනනක් වංචා කල කෑගල්ල නිල්වක්කේ අයෙක් මැයි 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද 03 නියෝග කලාය කෑගල්ල නිල්වක්ක ප්‍රදේශයේ අනුග ඉන්වෙන්ස්මන්ට් පෞද්ගලික සමාගමක් ලෙසින් සමාගම් මැදුරේ ලියාපදිංචි කල අයෙක්       අන්තර්ජාලය හරහාත් පෞද්ගලිකවත් මුදල් ලබා ගෙන එම මුදල් ආපසු නොදි මුල්‍ය වංචාවක් සිදුකර ඇතැයි කෑගල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශණ අංශයට පැමිණිලි  9 ක් ලැබී තිබින  ඒ කෑගල්ල  ගලිගමුව මීරිගම බල්ලපාන හා බෙරගල ප්‍රදේශ වල පදිංචි කරුවන් ගෙනි පොලීසිය කල විමර්ශණ වලදි කෑගල්ල නිල්වක්ක ප්‍රදේශයේ මෙම පුද්ගලයා නොමැති බැවින් ඔහු සිටින ස්ථානය සොයා ගැනීමට තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන ඇත ඒ අනුව කඩුගන්නාව දවුලගල ප්‍රදේශයේ නිවසක සිටින  බවට ලද තොරතුරු මත ඊයේ එම ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින්ට එක් නිවසක් තුල රැඳි සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ යෙදි සිටිනු දක්නට ලැබු මෙම අය අත් අඩංගුවට ගනු ලැබීය.                  

විමර්ශන වලදි මොහු 2018 වර්ෂයේ සිට මෙම මුල්‍ය ගනු දෙනු කර ඇති අතර මුලින් ආයෝජනය කල අයට මුල් කාලයේ 56% පොලී අනුපාතයන්ද ගෙවා ඇත   මෙසේ වැඩි පොලියක් ලාභ වශයෙන් ලැබීම නිසා මෙම ආයෝජකයන් තමඅ හිතවතුන් ඥාතීන් ආයතනයට සම්බන්ද කර තවතවත් මුදල් වැඩියෙන් ආයෝජනය කිරිම සඳහා උනන්දු කර ඇත  . මෙම ආයතනයට මුදල් යෙදවු රාජ්‍ය නිලධාරින් ව්‍යාපාරිකයන් නීතිවේදින් සිටින අතර සමහරුන් ලැජ්ජාව නිසා පොලීසියට පැමිණිලි නොකර සිටින බවද පොලීසිය පවසයි                                                                                       මෙම ආයතනයේ අධ්‍යක්ෂක වරුන් ලෙස මෙම පුද්ගලයාත් ඔහුගේ බිරිඳත් කටයුතු කර ඇති අතර මුදල් ගනුදෙනු සම්බන්දයෙන් නීතිඥ වරයකුද කටයුතු කර ඇති අතර නීතිඥවරයා මේ වනවිට විදේශ ගතව ඇති බවද පොලිස් ආරංචි මාර්ග සනාථ කරයි. මෙම පුද්ගලයා අන්තර් ජාලය හරහා විදේශ  ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද  මුදල් ලබා ගෙන ඇති බවත් අනාවරනය වෙයි                  පොලීසියට දැනට ලැබි ඇති පැමිණිලි නවයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙසීය ඉක්මවන බවත් මේ වනවිට තවත් මුදල් යෙදවුවන් පොලීසියෙන් කරුණු විමසා පැමිණිලි කිරීමට පැමිණෙන බවට පවසා ඇති බවත් පැවසේ අද මෙම පුද්ගලයාට විරුද්ධව මුල්‍ය වංචා සම්බන්දයෙන් චෝදනා ගොනුකොට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය  එහිදි පොලිස් විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් ඉදිරිපත් කල කරුණු සලකා බැළු කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය අදාල සැකකරු වන මහහේවගේ වරුණ ශාන්ත නැමැත්තා මැයි 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලාය

කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි එල් වයි ලීලවංශ පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත  යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.ආර්.සේනානායක මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි විමර්ශණ සිදුකරයි මෙම පුද්ගලයාගේ මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජන කර අගතියට පත් පුද්ගලයන් ඇත්නම් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

Latest