Skip to content

මෙරට වරාය සංව්ර්ධනයට බෙල්ජියම් රජයේ සහාය..

කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය යුරෝපීය නවීන තාක්ෂණය මෙරටට ලබාදීමට බෙල්ජියම් රජය එකඟතාවය පළ කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව එහි මූලික පියවරක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සඳහා එම තාක්ෂණය ලබා දීමට බෙල්ජියම් තානාපතිවරයා සිය කැමැත්ත පළ කර ඇත.

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීම සඳහා බෙල්ජියානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ අවස්ථා ලබාදීමට හැකි බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා බෙල්ජියම් තානාපතිවරයාට එහිදී සදහන් කර ඇත.

එම ආයෝජකයින් දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන යොට් යාත්‍රා අංගනයේ රැකියා අවස්ථාවන් සඳහා ලාංකික තරුණයන්ට පුහුණුවක් ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද දෙපාර්ශවය සාකච්ඡා කර ඇත.

Latest