Skip to content

තැපෑලෙන් scam වෙන්න කලින්..

මේ වගේ කෙටි පණිවුඩයක් ඔයාගෙ දුරකතනයටත් ඇවිත් ඇති. හෝ ඉදිරියෙදි එන්නත් පුලුවන්. හැබැයි කිසිම හේතුවක් මත පණිවුඩයේ සදහන් වෙන ලින්ක් එකට ගිහින් form එක පුරවන්න හිතන්නවත් එපා.

එයාලා කියන විදිහට ලංකා තැපෑලෙන් අපිට එවපු පාර්සලයක් return වෙන්න යනවා. ඒකට හේතුව වෙලා තියෙන්නෙ අපේ ලිපිනයේ තියන දෝෂසහගත බවක්. ඒ නිසා ලිපිනය යාවත්කාලීන කරන්න කියලයි එයාලා කියන්නෙ. අවශ්‍ය තොරතුරු හැමදේම පිරෙව්වට පස්සෙ මුද්දර ගාස්තු කියල පොඩි ගානක් ගෙව්න්න වෙනවා. ගෙවීම කරන්න වෙන්නෙ ඔයාගෙ card එකෙන්. හැබැයි card එකේ details type කරාට පස්සෙ card එකේ තිබුණ සල්ලි සතේට යනකම්ම සුද්ද වෙලා යයි. මොකද මේක මේ වෙද්දි ලංකාව පුරාම යන scam එකක්.

මේ තියෙන්නෙ scam site එකේ url එක, slpostgovlk.top

ලංකාවේ original තැපැල් වෙබ් අඩවියේ url එක තමයි මේ, slpost.gov.lk

ඒ නිසා ඔයා මොන විදිහක හරි ගෙවීමක් කරන්න කලින් site එකේ url එක දිහා බලලා ඉන්න. නැත්නම් අනිවාර්යෙන්ම ඔයත් මේ උගුලට අහුවෙන්න පුලුවන්. මොකද මේ site එක තනිකරම Original තැපැල් site එකේ කොපියක්.

මේ scam site එකේ දකින්න ලැබුණ විශේෂම දේ තමයි අපි type කරන හැම තොරතුරක්ම keylogger එකක් පාවිච්චි කරලා අදාළ පාර්ශවයෙන් සොරාගන්න එක. අපි අදාළ තැන් වල type කරන හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න keylogger එකකට පුලුවන්. ඒ කියන්නෙ card details type කරලා submit කරන්නත් කලින් ඒ තොරතුරු ඒ අයට ගිහින් ඉවරයි. ඒ නිසා නිකමටවත් කිසිම සත්‍ය තොරතුරක් අදාළ තැන්වල type කරන්න එපා !

මේ ගැන ලංකා තැපැල් වෙබ් අඩවියෙත් නිවේදනයක් පළ කරල තියනවා. දන්න අයවත් මේ ගැන දැනුවත් කරන්න.

Latest