Skip to content

බේරන්න ගිය ගැටුමට මැදිවූ කොස්තාපල් රෝහලේ

අවුරුදු උත්සවයක් අවසානයේ පැවති සංගීත සංදර්ශණයක් අතර තුර  සිදුවී ඇති ගැටුමක් බේරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

16 වැනිදා අළුයම 1.30 ට පමණ කරුවලගස්වැව - මුරුකුවටවන ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.

ගැටුමට ලක්වී තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ කරුවලගස්වැව පොලීසිය අනියුක්තව සේවය කරන රසික නම්වූ පොලිස් කොස්තාපල්වරයෙකි.

කරුවලගස්වැව - මුරුකුවටවන පාලිත රංගේබණ්ඩාර ක්‍රීඩාංගනයේ 15 වැනිදා දවස පුරා අළුත් අවුරුදු උත්සවයක් පවත්වා ඇත.එම අවුරුදු උත්සවය අවසානයේදී සංවිධායකයින් විසින් සංගීත ප්‍රසංගයක්ද පවත්වා ඇත.සංගීත ප්‍රසංගය අතර තුර දෙපාරිසක් අතර ගැටුමක් හට ගෙන ඇත.එම ගැටුම බේරීම සදහා රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් මැදිහත් වී ඇත.පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේදීය.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest