Skip to content

උඩ දියලුම යන්නෙ බලාගෙනයි

හල්දුම්මුල්ල, හපුතලේ, බෙරගල සහ කොස්ලන්ද ආශ්‍රිත ප්‍රදේශයෙහි සංචාරක ආකර්ෂණය දිනාගන්නා ලද ස්ථාන අතුරින් සුවිශේෂී ස්‍ථානයක් වන්නේ බෙරගල - වැල්ලවාය මාර්ගයේ පිහිටා ඇති දියලුම දිය ඇල්ලයි. මෙහිද ඇල්ලෙහි උඩ කොටස සංචාරකයින්ගේ වඩාත් ආකර්ෂණය දිනාගෙන ඇති අතර උඩ දියලුම කඳුවුරු සඳහා වඩාත් ප්‍රසිද්ධය. නමුත් මේ වන විට උඩ දියලුම ආශ්‍රිත ප්‍රදේශය වඩාත් අණතුරුදායක තත්වයකට පත්ව ඇති අතර මෙයට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය 11 වන දා ඇති වූ ඉතා කණගාටුදායක සිද්ධියකි.

මෙම උඩ දියලුම ප්‍රදේශයෙහි රාත්‍රී කඳුවුරක් සඳහා පෙරදින රාත්‍රියේ පැමිණි තරුණ යුවලක් හට වන අලි පහරදීමක් සිදුව ඇති අතර තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තරුණයා තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි තුනක තරුණියක් වන අතර තරුණයා වාරියපොළ ප්‍රදේශයෙහි පදිංචිකරුවකු බවට වාර්තා වේ. මෙම සිද්ධියත් සමග උඩ දියලුම ප්‍රදේශය සංචාරකයින් හට වඩාත් අණතුරුදායක ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර ප්‍රදේශයෙහි සංචාරය කරණු ලබන සංචාරකයින් වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

Latest