Skip to content

මෙරට පුද්ගලික ආදායම් බදු ලිපි ගොණු ලක්ෂ 05 ක් තිබුණත් විධිමත් ආකාරයෙන් බදු ගෙවීම් සිදු කරන්නේ 31,000 ක් දෙනා පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී හෙලිවී ඇත.

ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාර්ක සභාව ඉකුත් 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස් විය.ඒ එම කමිටුවේ සභාපති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අතරම මෙරට සීමිත සමාගම් 105,000 ක් ලියාපදිංචි වී ඇති නමුත් බදු ගෙවීම් කරණු ලබන්නේ 382 ක් පමණක් බවත් මෙම කමිටු රැස්වීමේ අනාවරණය විය.

මේ වන විට රජයට අය විය යුතු හිග බදු ආදායම වන රුපියල් බිලියන 904 ක් අය කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙම කමිටුවේදී සාකච්ඡාවට ලක් කර ඇත. බදු ආදායම් අය කර ගැනීම ක්‍රමවත් කිරීම සදහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කථා බහ කරන ලදි. බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කර තිබීම පිළිබදව අධිකරණ ඇමතිවරයා සමග තමන් සාකච්ඡා කිරීමට අදහස් කර ඇති බවද කමිටු සභාපති මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවාධානය යොමු වීඇත.

Latest