Skip to content

ප්‍රංශයේ බැස්ටිල් දිනය අති උත්කර්‍ෂවත්ව සැමරේ! අගමැති මෝදිටත් උපහාර දක්වයි.

ඡායාරූප මූලාශ්‍ර : රොයිටර් පුවත් සේවය​ (2023 ජූලි 13 පැරිසියේ Elysee මාලිගයේදී)

ප්‍රංශයේ බැස්ටිල් දින හමුදා පෙළපාළියේ ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් පිදුම් ලබනු ලැබූවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය​. ඔහුගේ සංචාරයට සමගාමීව ඉහළ මට්ටමේ ආරක්‍ෂක වටපිටාවක් සකස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෝදි සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ සහ ඉන්දියානු සොල්දාදුවන් පැරිසියේ Champs-Elysees මාවත ඔස්සේ පෙළපාලිය ගමන් කරන අයුරු නරඹමින් සිටින දර්ශණ මෙන්ම​ ප්‍රංශ නිෂ්පාදිත රෆාල් ප්‍රහාරක ජෙට් යානා Arc de Triomphe හරහා පියාසර කිරීම් හි නිරත වන ආකාරය ද සමාජ​ මාධ්‍යයන් තුල පවා වැඩි වශයෙන් හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි.

මෝදි බ්‍රහස්පතින්දා පැරීසියේ දෙදින සංචාරයක් ආරම්භ කළ අතර, එහිදී ඔහුට ප්‍රංශයේ ඉහළම සම්මානය වන Legion of Honour පිරිනමන ලදී. The Hindu වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ මෙම​ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව ඇති බවයි.

ඉන්දියාව යනු උපායමාර්ගික හවුල්කරුවෙකු සහ මිතුරෙකු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය​.

Latest