Skip to content

ප්‍රති ත්‍රස්ත පනත ගැන නීතීඥ සංගමයේ මතය

ආන්දෝලනාත්මක ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවයන්ගෙන් විමසීම් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ අදාල පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය රටට හා පුරවැසියන්ට අහිතකර බලපෑමක් වනු ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ නීතියේ ආධිපත්‍යය හා පුරවැසියන්ගේ නිදහසට අහිතකර ලෙස බලපාන බව හැඟෙන ඕනෑම පනත් කෙටුම්පතකට එරෙහිව නැගී සිටීමට තමන් පැකිළෙන්නේ නැති බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට කිසිදු නීතියක් සම්මත කරගත යුතු නැති බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කිරීමට තම සංගමය විසින් කමිටුවක් පත්කර ඇති බව ප්‍රකාශ කළේ ය.

Latest