Skip to content

ඩුබායි යන යාපනේ කෙසෙල්

යාපනේ දිස්ත්‍රික්කයේ කෙසෙල් අස්වැන්න අපනයනය කිරීමේ වැඩසටහනක්  03 දා ආරම්භ කරන ලදී. ඒ අනුව යාපනේ දිස්ත්‍රික්කයේ කෙසෙල් අස්වනු මුලිකව ඩුබායි රාජ්‍ය වෙත අපනයන කරනු ලබයි. ලෝක බැංකු අනුග්‍රහය යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව මුලිකව සතියකට කෙසෙල් කිලෝ 40,000 ක් පමණ ඩුබායි වෙත අපනයනය කරනු ලබන අතර මේ සදහා ගොවින් 700 ක පමණ නිෂ්පාදන අවශ්‍යව තිබේ. දැනට ඉන් ගොවින් 300 ක පමණ නිසි ප්‍රමිතීන්ට අනුව කෙසෙල් සැපයීම සිදු කරනු ලබයි.

Latest