Skip to content

තරිඳුට ඇප, පොලීසිය සාක්ශි නැතුව අසරණවෙයි - නීතිඥ සුනිල් වටගල

තරිඳු උඩුවරගෙදර  මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද ගරු අධිකරණයට කරුණු වාර්තා වුණා.

මේ පිලිබදව පහත කරුණු නීතිඥ සුනිල් වටගල මහතා අනාවරණය  කලා.

"මෙතන ප්‍රකාශ කරන්න ඕන දේ තමයි තරිඳු  උඩුවරගෙදර කියන්නේ මාධ්‍යවේදියෙක් ඔහු ඔහුගේ මාධ්‍යවේදී කාර්යය තමයි ඊයේ දවසේ දී ඉෂ්ට කරේ නමුත් ඔහුට පොලිසියෙන් චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා නීති විරෝධී ජන රාශියකට සම්බන්ධ වුණා කියලා සැකකරුගේ  නීතිඥවරුන් ඉදිරිපත් කරපු ප්‍රති තර්කය තමයි නීති විරෝධී ජන රාශියකට ඔහු සම්බන්ධ වුනා නම් වුණා නම් අද ඉදිරිපත් කරන ලද බී වාර්තාව ඇතුලේ එක සාක්ෂියක් පෙන්නන්න, අද ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ඇතුළත් ඡායාරූප අතර ඔහු ඉන්නවද කියන එක පෙන්නන්න කියන එක.
පොලීසිය අසරණ උනා. බොරැල්ල පොලිසිය නීති විරෝධී ජන රාශියකට සහභාගි වුණා කියලා කියන්න එකදු සාක්ෂියක්වත් අධිකරණයට ඉදිරිපත් කර ගන්න බැරි උනා පොලීසියට. එතකොට වෙච්ච සිද්ධිය තමයි එහෙනම් අද සාක්කියක්  ඉදිරිපත් කර ගන්න බැරි නම්  ඇයි මෙවැනි ආකාරයක අත්අඩංගුවට ගැනීමත් කරේ කියන එක. පොලිසිය ඉදිරිපත් කරපු කාරණාව තමයි මීට කලින් 6 වෙනි මාසෙ 23 වෙනිදා බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කරා. ඒ උද්ඝෝෂණයේ දී ඔහු මේ ආකාරයෙන් හැසිරීම කරා. ඒකත් පාදක කරගෙන තමයි ඊයේ දවසේ අත්අඩංගුවට ගත්තෙ කියන එක. ඉතින්  විනිසුරු මන්ඩලයෙන් හා නීතිඥ මණ්ඩලයෙන් කරුණු ඉදිරිපත් වුණා. අතීතයේ සිද්දියකට  කිසිදු  හේතුවක් නැතුව ඊයේ දවසේ සිද්ධිය බලපානවද කියන කාරණාව. ඒක හින්ද හරිම පැහැදිලියි තරිඳු ව අත්අඩංගුවට ගැනීමේ පූර්ව සූදානමක් සැලැස්මක් පොලිසියේ හිත  ඇතුලේ තිබිලා තියෙනවා. අන්න ඒක පදනම් කරගෙන තමයි ඔහුව ඊයේ අත්අඩංගුවට ගත්තේ කියන එක. මොකද  එතන පැහැදිලි තොරතුරු තියෙනවා ඒ අදාල ක්‍රියාව ඉවර වෙලා ඔහු  පෞද්ගලික ත්‍රී රෝද රථයකින් යන්න හදනකොට තමයි ඔහුව අත්අඩංගුවට ගන්නෙ.

මේ අත්අඩංගුවට ගැනීමට කිසිදු පදනමක් නැති බව ගරු අධිකරණයේ කරුණු ඉදිරිපත් වුණා. ඉතින් හරි පැහැදිලි මේක පොලිසිය පැත්තට නීතිඥ මණ්ඩලයෙන් පැහැදිලිවම කිව්වා පොලිසිය දේශපාලන කොන්ත්‍රාත් කරන්න එපා කියලා. පොලිසියට මීට වඩා රාජකාරි තියනවා දැන් බලන්න බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පුද්ගලිකව මෙතෙන්ට ආවා. ඒ අංශයේ ස්ථානාධිපතිවරයා ආවා. ඊයේ මේ ක්‍රියාවත් එක්ක ඔවුන් වැඩ. එතකොට මොකක්ද මේ ක්‍රියාව නීති විරෝධී ජන රාශියකට සම්බන්ධ වුණා කියලා ප්‍රශ්නයට තමයි ඔවුන් අද මේ දක්වා රස්තියාදු  වෙන්නෙ. එතකොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඔවුන්ට ඊයේ නියෝගයක් දීලා තියෙනවා වහාම ඔහුව වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන්න කියලා. අද උදේ 7:00 වෙනකනුත් පැය 13පොලිස් කූඩුවේ ඔහුව තියාගෙන ඉඳලා තියෙනවා වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන්නේ නැතුව. අද උදේ 7:00  වෙනකොටත් ඔහුව  ඉදිරිපත් කරන නැහැ . එතකොට ඔහුගේ ඇස ප්‍රදේශයට පහර දීලා තියෙනවා. ඔලුව ප්‍රදේශයට පහර දීලා තියෙනවා. ඔහුට  වේදනාවයි  කියලා මම පුද්ගලිකව හමුවුනාම මට කිව්වා. අද උදේ පැය 13 ක් පොලිස් කූඩුවේ ඔහු රඳවා තබාගෙන ඉඳල  තියෙනවා. ඔහුව කිසිදු ආකාරයක  වෛද්‍යවරයෙකුට ඉදිරිපත් නොකර.  එතකොට මේ පිටුපස තියෙන්නේ දේශපාලනය කියන එක හරි පැහැදිලියි .පොලිසියට අපි  විශේෂයෙන්ම කිව්වා මේ මිනිස්සුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතිය භුක්ති විඳින්න ඉඩ දෙන්න. ඔවුන් මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ 14 වන වගන්තිය යටතේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සාමකාමී උද්ඝෝෂණයකට තියෙන අයිතියයි මේ භුක්ති විදින්නෙ. හැබැයි ඒකට බාධා කරන්න පොලිසියට  පුළුවන් කමක් නැහැ.

පොලිසිය  දැන් ක්‍රියාවලියක් හැටියට ඕනම  විරෝධතාවයක් එලිබහින කොටම පොලිස් ටීම් එකක් ඇවිත් නතර කරනවා. මේක නරක පූර්වාදර්ශයක් බව අධිකරණයේ දී  පැහැදිලිවම පෙන්වා දුන්නා.

පහර දුන්න එකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්නවද යනුවෙන් නීතිඥ සුනිල් වටගල ගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලා..

ඒකට අදාල අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නම් සහිතව අධිකරණ පොතේ සටහන් කරා. අනිවාර්යෙන්ම මේ කෙරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවකට යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට දාන පෙත්සම බවට පත්වෙනවා. යැයි නීතිඥවරයා එහිදී ප්‍රාකාශ කලා.

"පහර දීමක් වුනා කියන එක සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් කොහොමද කරුණු ඉදිරිපත් වෙලා තියෙන්නෙ" යනුවෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට  පිළිතුරු දුන් නීතිඥ වරයා කියා සිටියේ  පොලිසිය ඔහුට පහර දුන් බව අවම බලය  භාවිතා කර එලෙස ඔහුව අත් අඩංගුවට ගත් බවට පොලිසිය නඩුකාරතුමා ඉදිරියේ පිලිගත් බවත් නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Latest