Skip to content

කෝටි 7 විදුලි බිල නොගෙව්වාට බදුල්ල ශික්ෂණ රෝහලේ විදුලිය කපයි

Photo by Kelly Sikkema / Unsplash

බදුල්ල මහ රෝහලේ කැපුණු විදුලිය නැවත ලැබෙයි

බදුල්ල ශික්ෂණ රෝහලේ හෙද නේවාසිකාගාරය, හෙද විදුහල, වෛද්‍ය නිළ නිවාස වල පසුගිය 09වන දින විදුලිය විසන්දි කිරීමට විදිලිබල මණ්ඩලයේ නිළදාරීන් කටයුතු කර තිබුණි. එමෙන්ම 10වන දින විශේෂඥ වෛද්‍ය නිළ නිවාස පරිශ්‍රයේද විදුලිය විසන්දි කිරීමට විදුලිබල මණ්ඩල සේවකයින් කටයුතු කලේය.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළදාරියෙක් සදහන් කර සිටියේ රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් බදුල්ල ශික්ෂණ රෝහලේ විදුලි බිල් ගෙවා නොමැති වීමෙන් මෙම පියවර ගත් බවයි.

විටින් විට රෝහලේ විදුලි බිල පිළිබදව රෝහල් පාලන අධිකාරිය දැනුවත් කලද ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් හෙයින් මෙසේ විදුලිය විසන්දි කිරීම කල බවයි එම නිළධාරියා වැඩි දුරටත් සදහන් කලේ.

මෙවන් තත්වයක් උඩ බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් 2023.08.10 වන දින බදුල්ල විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු වරයාට ලිපියක් ඉදිරිපත් කරමින් මෙම විදුලිය සිදලීම හේතුවෙන් රෝහලේ දෛනික කටයුතු වලට දැඩි බාධාවක් සිදුවූ බවත්,

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයද දැනුවත් කර තිබෙන බවත් ඉදිරි සතියක් ඇතුලත විදුලිබිල් ගෙවීමට අදාලව කටයුතු කරන තෙක් නැවත විදුලිය ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.

ඒ අනුව නැවත විදුලි සැපයුම ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

එමෙන්ම මේ වන විටත් හිග විදුලි බිලෙන් රුපියල් මිලියන 20ක මුදලක් ගෙවීමටත් රෝහල් පාලන අධිකාරිය කටයුතු කර ඇත.

Latest