Skip to content

වසර 200 කට පසු නැවතත් මව්බිමට.

නෙදර්ලන්ත කෞතුකාගාරයක තැම්පත් කර තිබූ මෙරටට අයත් ඓතිහාසිත කෞතුක භාණ්ඩ 06 ක් අපසු බාර දීමට එරට රජය කටයුතු කර ඇත.

බාර දීමට තීරණය කර ඇති කෞතුක භාණ්ඩ අතර,රනින් නිම කරන ලද කොපුවක් සහිත කසකස්තානයක්,රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කසකස්තානයක්, රනින් නිම කළ පිහියක්,මහා තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවට අයත්ව තිබූ බව කියන කාල තුවක්කුවක්ද වේ.මෙම කෞතුක භාණ්ඩ මහනුවර රජ සමයට අයත් ඒවා බව කියති.

1765 වසරේදී ලන්දේසීන් විසින් මහනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත.එම අවස්ථාවේදී මහනුවර රජ මාළිගාවේ තිබී මෙම කෞතුක භාණ්ඩ ලන්දේසීන් අතට පත්ව ඇත.පසුව ඒවා පෙරදිග ඉන්දීය සමාගම(VOC) විසින් රැගෙන ගොස් ඇති බවද කියති.

පසුව මෙම කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ  Rijks කෞතුකගාරයේ තැම්පත් කර ප්‍රදර්ශණය සදහා තබා තිබී ඇත.නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ඇති භාණ්ඩ පිළිබදව දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය වසරේදී විශේෂ සමීක්ෂණයක් සිදු කර ඇත.එම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම කෞතුක භණ්ඩ ශ්‍රී ලංකාවට අයත් ඒවා බවය.

අනතුරුව මෙම කෞතුක භාණ්ඩ අප රටට ආපසු බාර දෙන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නෙදර්ලන්ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.

යටත් විජිත සමයට අයත් යම් කෞතුක භාණ්ඩයක් තම රට තුළ තිබේ නම් ඒවා ආපසු හිමිකරුවන්ට බාර දිය යුතු බවට ඒ වන විටත් නෙදර්ලන්ත රජය තීරණය කර තිබී ඇත.ඒ සදහා රජයට උපදෙස් ලබා දීම සදහා "කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථපනය" පිළිබදව ස්වාධීන උපදේශක කමිටුක්ද නෙදර්ලන්ත රජය විසින් පත් කර තිබී ඇත.එම කමිටුව වෙත ඉදිරිපත් කර ඇති ප්‍රථම ඉල්ලීම වී ඇත්තේද මෙරට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය වේ.

එම ඉල්ලීම පිළිබදව සළකා බලා ඇති නෙදර්ලන්තයේ "කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථපනය" පිළිබදව ස්වාධීන උපදේශක කමිටුව මෙම භාණ්ඩ ආපසු ශ්‍රී ලංකාවට බාර දිය යුතු බවට නිර්දේශ කර ඇත. එම තීරණය සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජය විසින් 2023 ජූනි මස 06 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් ප්‍රකශයට පත් කර ඇත.

වසර 200 ක පමණ කාලයක් අප රටට අහිමි වී තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුක්ත කෞතුක භාණ්ඩ 06 ක් හෙට අනිද්දා වන විට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

අපේ රටේ කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ ඇතැම් කෞතුක වස්තූන් වලට පසුවූ කාලයේ සිදුවූ දෑ පුන පුනා නැවත පැවසීම අවශ්‍ය වන්නේ නැත. ඒ සම්බන්ධයෙන්ද වගකිව යුතු සියළුම දෙනා අවධානය යොමු කළ යුතුව ඇති බවද සටහන් කරමි.

Latest