Skip to content

බාබර් අෂාම්ගේ පිත්ත වාර්තා පොත් අලුත් කරයි!

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අෂාම් අඩුම එක්දින ජාත්‍යන්තර තරග ඉනිම ගණනකින් ලකුණු 5,000 සීමාව පසු කළ පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කීමට සමත් විය.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මැයි 05වැනි සිකුරාදා කරච්චි නුවර පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගයේදි සිය 97 වැනි එක්දින ඉනිම ක්‍රීඩා කළ බාබර් ලකුණු 19ක් ලබාගැනීමත් සමග ඉනිම 101කදි ලකුණු 5,000 වාර්තා කරමින් හෂීම් අම්ලා තබා තිබූ වාර්තාව තමා සතු කරගැනීමට සමත් විය.

ගත වූ වසර දෙක පුරාම ලොව හොඳම එක්දින පිතිකරුවා ලෙස වැජඹෙන බාබර් සිය ඉනිම අවසන් කරන්නේ සිය 18වැනි එක්දින ශතකයද වාර්තා කරමිනි. ඒ අනුව එක්දින ශතක 18ක් වාර්තා කිරීමට අඩුම ඉනිම් ගණනක් වැය කළ පිතිකරු වාර්තාව ද අම්ලාගෙන් උදුරා ගැනීමට බාබර්ට හැකිවිය.

එක්දින ලකුණු 5,000 සීමාව පසුකළ 14වැනි පකිස්තාන පිතිකරුවා බාබර් අෂාම් ය.

අඩුම තරග ගණනකින් එක්දින ජාත්‍යන්තර තරග ලකුණු 5,000 සීමාව පසු කළ පිතිකරුවන්;

බාබර් අෂාම් - ඉනිම් 97
හෂීම් අම්ලා - ඉනිම් 101
විවියන් රිචර්ඩ්ස් - ඉනිම් 114
විරාට් කෝලි - ඉනිම් 114
ඩේවිඩ් වෝර්නර් - ඉනිම් 115

Latest