Skip to content

අයින්ස්ටයින්ගේ ප්‍රහේලිකාව : දක්ෂයින්ට අභියෝගයක්

ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙ ලොව එතෙක් මෙතෙක් බිහිවුණු ශේෂ්ඨතම විද්‍යාඥයන්ගෙන් කෙනෙක්. පහළින් දක්වලා තියෙන්නෙ අයින්ස්ටයින් විසින් තරුණ කාලයේදී නිර්මාණය කළා යැයි කියන ප්‍රහේලිකාව සහ පිළිතුරුයි. මේ ප්‍රහේලිකාව විසදන්න තැත් කරපු අයගෙන් සාර්ථක වෙලා තියෙන්නෙ 2% ක් පමණයි කියලයි සදහන් වෙන්නෙ. ඒත් නිවැරදිව කළමනාකරණය කර ගත්තොත් පිළිතුරු ගන්න එක අපහසු නැහැ. පිළිතුරු නොබලා උත්සහ කරල බලන්න.

ප්‍රහේලිකාව:

හොරෙක්, ලෝකෙ ඉන්න දුර්ලභම මාලුවා සොරාගෙන, එක ළග තියෙන, එකම විදිහෙ ගෙවල් 5 කින් එක ගෙදරක තියාගෙන ඉන්නවා. පොලිසිය හැම ගෙදරක්ම පරික්ෂා කරන්න ගියොත් හොරා පැනගන්න පුලුවන්. ඒකනිසා මේ වැඩේ පහළින් තියන හෝඩුවාවන් එක්ක රහස් පරීක්ෂකයෙක් වෙන ඔයාට භාරදෙනවා.

  • ගෙවල් පහේ ඉන්නෙ පස්දෙනා ජාතීන් පහක් - ජර්මන්, ඩෙන්මාර්ක්, බ්‍රිතාන්‍ය, නෝවේජියන්, ස්වීඩන්
  • මේ අය බොන්නෙ බීම වර්ග පහක් - වතුර, තේ, Root බියර්, කෝපි, කිරි
  • සිගරට් වර්ගත් පහක් බොනවා - Blends, Pall Mall, Prince, Blue Master, Dunhill
  • ගෙවල් පහේ ඇතුළු බිත්තිවල ගාලා තියෙන්නෙ පාට පහක් - කහ, නිල්, රතු, සුදු, කොළ
  • ගෙවල් පහේ සත්තු වර්ගත් 5 ක් ඉන්නවා - කුරුල්ලෙක් , පූසෙක්, සොරාගත්තු මාලුවා, බල්ලෙක්, අශ්වයෙක්

මේ කිසිම දෙයක් අදාළ වෙන්නෙ මොන ගෙදරටද කියන එක දන්නෙ නැහැ. පහළින් තියන හෝඩුවාවන් පස්සෙ ගිහින් හොරා ඉන්න ගෙදර මොකද්ද කියල හොයාගන්න...


  1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නෙ රතු පාට බිත්ති තියන ගෙදර
  2. ස්වීඩන් ජාතිකයාට ඉන්නෙ බල්ලෙක්
  3. ඩෙන්මාර්ක් කාරයා බොන්නෙ තේ
  4. කොළ බිත්ති තියන ගෙදර තියෙන්නෙ සුදු බිත්ති තියන ගෙදරට වම් පැත්තෙන්
  5. කොළ බිත්ති තියන ගෙදර මනුස්සයා බොන්නෙ කෝපි
  6. Pall Mall සිගරට් බොන කෙනාට කුරුල්ලෙක් ඉන්නවා
  7. කහ බිත්ති තියන ගෙදර මනුස්සයා බොන්නෙ Dunhill සිගරට්
  8. මැද තියන ගෙදර මනුස්සයා බොන්නෙ කිරි
  9. නෝවේජියන් ජාතිකයා ඉන්නෙ පළවෙනි ගෙදර
  10. Blends සිගරට් බොන කෙනා ඉන්නෙ පූසෙක් ඉන්න ගෙදරට පස්සෙ ගෙදර
  11. අශ්වයෙක් අයිති මනුස්සයා ඉන්නෙ Dunhill බොන මිනිහගෙ ගෙදරට පස්සෙ ගෙදර
  12. Blue Master සිගරට් බොන මනුස්සයා බොන්නෙ root බියර්
  13. ජර්මන්කාරයා බොන්නෙ Prince සිගරට්
  14. නෝවේජියන් ජාතිකයා ඉන්නෙ නිල් බිත්ති තියන ගෙදරට වම් පැත්තෙ ගෙදර
  15. Blends සිගරට් බොන කෙනාට වතුර බොන අසල්වැසියෙක් ඉන්නවා

පහළ ලින්ක් එකට ගිහින් ගත්තු උත්තරේ හරිද බලාගන්න..

Answer - Pastebin
Pastebin.pl is a website where you can store code/text online for a set period of time and share to anybody on earth

උත්තරයක් ගන්න බැරිවුණානම්, විසදන විදිහ දැනගන්න මේ වීඩියෝ එක බලන්න

උත්තරේ හරිනම් අයින්ස්ටයින්ට අනුව ඔයත් මේක විසදපු 2% අතර ඉන්නවා :)

Latest