Skip to content

අවුරුදු උත්සවයේ ග්‍රීස් ගස නැග්ග දිරිය කතුන්

මාවනැල්ල වහරක්ගොඩ පැවැති බක්මහ උළෙලේ විශේෂ තරග ඉසව්වක් ලෙස කාන්තා ග්‍රීස් ගස නැගීමේ තරගය පැවැති අතර ඊට තරග කරුවන් 10 දෙනෙකු පමණ ඉදිරිපත් වු අතර අඩි 60 ක් පමණ උස ග්‍රීස් ගසේ තරණය කොට ජයග්‍රහණ කොඩිය ලබා ගැනීමට ඔවුන් පැය තුනක පමණ දැඩි උත්සාහ කිරීමකින් පසුව සමත් විය.

මීට සමගාමිව මෙම බක්මහ උළෙලේ පිරිමි ග්‍රීස් ගසේ නැගීම කාන්තා පිරිමි ගම හරහා දිමේ තරගය මෙන්ම ජන ක්‍රීඩා රාසියක් පැවැති අතර නර්ථන අංග රබන් ගැසීම සමගින් රාත්‍රී සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

ග්‍රීස් ගසේ කොඩිය ගන්න උත්සාහ කරන අන්දම...

බක්මහ උළෙල සහ සංගීත ප්‍රසංගය ගම්මානයේ තරුණ කැල විසින් සංවිධානය කර තිබුණේ බක්මාසය නිමිතිකරගෙන පසුගිය 15 වැනිදාය.

ජයග්‍රහණ කොඩිය ලබා ගත් අවස්ථාව

Latest