Skip to content

මුහුදින් ගොස් ගුවනින් එයි.....!

මුහුදු මාර්ගය ඔස්සේ ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 41 දෙනෙකුව එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ගුවනින් නැවත මෙරටට එවීමට කටයුතු කර ඇත.

එම පිරිස 09 වැනිදා දහවල් කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණ ඇත.

එසේ පිටුවහල් කර  ඇත්තේ යාපනය සහ වාලච්චේන පදිංචිකරුවන් පිරිසක්වය.එම පිරිස අතර කුඩා දරුවන් කීප දෙනෙකු සහ කාන්තාවන්ද වේ.

බහු දින යාත්‍රාවක නැගී මෙම පිරිස මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.අනතුරුව ඔවුන්ව ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ රදවා තිබී ඇත.

එම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරණ ගුවන් යානයෙන් 09 වැනිදා දහවල් 9.40 ට පමණ මෙරටට රැගෙන එන ලදි.ඔවුන් සමග ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක්ද පැමිණ සිටියේය.

පිටුවහල් කරන ලද පිරිස ඕස්ට්‍රේලියාණු ආරක්ෂක අංශය විසින් කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන නිලධාරීන් වෙත බාර දීම සිදු කරන ලදි.මෙම අවස්ථාවට මෙරට ඕස්ට්‍රේලියාණු මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද එක්ව සිටියේය.

අනතුරුව පිටුවහල් කරන ලද පිරිසගෙන් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ලෙස ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.පසුව 09 වැනිදා රාත්‍රී 9.00 ට පමණ එම පිරිස මීගමුව පොලීසිය වෙත බාර දීමට කටයුතු කරන ලදි.

Latest