Skip to content

අලි මවගෙන් සිවිල් ආරක්ෂක භටයාට ප්‍රහාරයක්

වගා ළිදකට වැටී සිටි කෙනෙරක් සහ අලි පැටවෙකු ගොඩ ගැනීමට ගිය වන ජීවී දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත.

08 වෙනිදා දහවල් ගල්ගමුව, මහානාන්නේරිය - වෑවරණපිටිය ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදුවී ඇත.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඒ.එස්.ආර්.සමරක්කොඩි නම් වූ සිවිල් ආරක්ෂක භටයෙකි. කෙනරගේ ප්‍රහාරයට ලක්ව ඇති සිවිල් ආරක්ෂක භටයා මුලින්ම ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇත. වන අලි ප්‍රහාරයට ලක්ව ඇති සිවිල් ආරක්ෂක භටයාගේ පාදවලට හැනි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Latest