Skip to content

ඇතීනා - පරිච්ඡේදය 04

පළමු කොටසට........

දෙවන කොටසට........

තෙවන කොටසට......

ඇතීනා
කැරකෙන සුක්කානමේ කුවණ්ණා.......

හදවත වර නගන ලබ්-ඩබියානු රාවය ඇතීනාට දැනුණේ ඈව දෙපසට විසි කරවමිණි. දරුවාගේ මුව වටා එතුණු ඇගේ අතක් කන පසා කරන ශබ්දවල තීව්‍රතාවය අඩු කර ඇත. ඈ මුළුතැන්ගෙයි දොර විවර කළාය. එක වරම ඇගේ මුවින් අධික තීව්‍රතාවයකින් යුත් ඝෝෂාත්මක ස්ත්‍රී රාවයක් පිට වන්නට විය. ක්ෂණයකට දරුවාගේ මුව වටා එතුණු අත අනවශ්‍ය වී නැවත බිය වූ සිගිත්තෙකුගේ ශබ්දය ලොව පුරා පාවෙන්නට විය.

ඔහු ඒ මත වැටී සිහිය නොමැතිව දඟලනු ඈට පෙනේ. ඔහුගේ මුව වටා පෙණ තට්ටු ඇතිරි හිස අද්දරින් වැක්කෙරෙනු ඇයට පෙනේ. ඔහුගේ දෑතේ නිය ගැලවී රුධිරයෙන් පෙගී ඇත. ඒ ඔහු පෙන්වූ බිලාල ලක්ෂණ නිසායි. අමානුෂික ශබ්දය නොනැගුණද 'ගොර ගොර' ගාමින් මුවින් පිටවෙන පෙණ පිඩු ගෙන එන්නේ අප්‍රියතාවයකි.

ඈ කෑ ගැසුවාය; ලොවටම ඇසෙන්නට කෑ ගැසුවාය. එහෙත් පිහිටට කවුරුත් නැත. ඈ වට පරිසරය ඇයට අනවශ්‍ය වී ඇත.  හිත පුරා ඔඩු දුවන ක්‍රෑරීය වේදනාව හා එක් වූ සිහිමද ගතිය මනසේ සන්සුන් භාවය නැති කර ඇත. නමුත් කෑගැසීම යම් තරමකින් අධිකතර පීඩනය අවම කළේය.

ඈ ඔහුගේ දෑස දෙස බලාගෙනම මුලුතැන්ගේ පඩිය මතට 'තඩ්' ශබ්දයක් නංවමින් සිරුර වැට්ටුවාය. දරුවා තවමත් ඈ අතය. ඇගේ මහප්පා වෙනුවෙන් කරනට දෙයක් තවම ඈ සිතට පැන නැගී නැත. අතීතයම කඳුළක් වූ ඇයට ජීවිතයේ යම් යම් නවාතැන්පොළවල් වලදී සිනහව රැගෙන ආවේ ඔහු හා තව කිහිප දෙනෙක් පමණි. ඒ කිහිපදෙනාගෙන් ද දෙදෙනෙක් ඉතිරිව එකෙක් ලග සිටියද ඔවුන්ට දැන්ම ඈ වෙනුවෙන් සිටගත නොහැක. එසේ කළ එකම පුද්ගලයා ද මේ මනෝමිය භෞතික ශරීරය හැර යන්නට සූදානම් වී අවසන් ය.

ඈ කොඳුරන්නට විය " මහප්පේ මං උඹට කිව්වා ඔහොම බොන්න එපා කියලා. මට අන්තිමට ඉතුරු වුණේ උඹ විතරයි දැන් කවුද මාව බලාගන්නේ."

කෙඳිරීම දැන් ශබ්දය වැඩි වී කෑ ගැසීමක් වී ඇත. "කියපං කවුද?"

ඈ දරුවාව පසෙකට විසි කළා සේ ය. මාතෘ සෙනෙහස මෙවන් හැගීම් මූලික වූ වෛරීය අවස්ථාවක ඇති වේවිද? දැන් දරුවාද හඬනඟා කෑගසයි, ඈද කෑගසයි.

ඈ තුවාල වුණු ව්‍යාඝ්‍ර ධේනුවක් මෙන් කඩා පැන්නාය. ඒ වේදනාවකි; ඒ කෝපයකි; ඒ දුකකි; ඒ හඬා වැටීමකි. ඔහු හැඳ සිටි කමිසයෙන් අල්ලා ඈ ඔහුව සෙලෙව්වාය; කම්මුලට පහර පිට පහර දුන්නාය.

"උඹ දැනං හිටියා මැරෙනවා කියලා,.... ඔව් උඹ දැනං හිටියා, උඹ දැම්ම මැරිල බෑ….. ඔව් දැන්ම මැරිල බෑ…. නැගිටපං!" ඇය ඔහුව ඔසවන්නට උත්සාහ කළාය. වාරු නැතිව ඔහුත් සමගම පෙරළුණාය.

ඔහු දැන් කෑ ගසන්නේ නැත, දඟලන්නේ නැත, නමුත් සිනාසෙයි. මුවෙන් පෙන වැගිරෙයි.  මුව අපහසුවෙන් ඇරියත් කතා කිරීමට නොහැකි වූ ඔහු අවසන අපහසුවෙන් වැටී සිටි වැලි ගොඩ මත රුධිරයෙන් මෙසේ ලිව්වේය.

'කැරකෙන උගුලක්'

ඈ හති දමමින් ඒ දෙස බලා සිටියාය; බිම වැටී සිට හැඬුවාය. දරුවා ද පැත්තක හිද හඬනවා පෙනුණි. ඔහු ඉහත කොටස ලිව්වා පමණකි. එක්වරම හිස දඩස් ගා පොළොවේ වැදුනේය. ඈ හැසිරුනේ ආවේශ වූ යක්ෂණියක් ලෙසිනි. ඈ බිම පෙරලමින් ඔහුගේ නිසල දේහය ට පහර දෙමින් හැඬුවාය.

අවසන නිශ්ඵල බව තේරුම්ගෙන ඇල්කොහොල් බූලි ඔහු අසලට විසිකර ගිනිකූරක් ඒ දෙසට විසි කළාය. ඈ හැඩුවාය; විලාප තිබ්බාය; ලොවටම ආදරයෙන් වෛර කළා ය. දුක බෙදාගන්නට සිඟිති කඳුළු බිදු අතරට ඈ ළං වූවාය. ආදරණීය මිනිස්සුන්ගේ හැරයාම ගැන වූ සංවේගයෙන් ඔහු හා එකතුවී ඇඬුවාය. ඔවුන් දෙදෙනාගේ කඳුළු, දෙදෙනාගේ දෙපා අතර ජල පහරක් නිර්මාණය කරමින් තිබිණි.

කදුළු දිය දහර හරහා ඇයට පෙනුණේ එතැනට ප්‍රාතූර්භූත වූ තට්ට හිසැති මිනිසෙකි. ඈ සෙමෙන් හිස ඉහළට හැරෙව්වාය; දරුවාව තවත් තුරුල් කරගත්තාය.

ඔව් , මේ ඔබ සිතන පුද්ගලයාම තමයි! ඇතීනාගේ සිහිනය…..

ඇගේ දෑසින් කදුළු කැට උතුරා හැලෙන්නට විය. ඒ දුක්ඛිත කදුළු නොවේ, ඒ බිය නම් වූ මානසික සංවේගයේ කදුළුයි. ඒ ළංවීමේ සතුටු කදුළු නොවේ, දුරස් වීමේ කදුළුයි.

ඈ සෙමෙන් හිස පහත් කරගත්තාය. කදුළු ඇගේ සිරුර පුරා එතෙමින් සිගිති සිරුරම පොගවන්නට විය. ඈ කදුළු අතරින් දුටුවේ ගිනිගන්නා බූලි පොල්ලකින් එහා මෙහා කරන පුද්ගලයෙක්.

ඇගේ මුව විවර විණි. කදුළු අතරින් කෙදිරිල්ලක් නැගිනි.

"මහප්පා"

ඔව් , ඒ ඇගේ මහප්පාමයි. නමුත් ඔහු තරුණයි; කඩවසම්; කොණ්ඩය කොටට කපා;

ඇතීනා ඔහු දෙස පුදුමයෙන් බැලුවාය. ඔහු බූලි එහා මෙහා කර ගින්න නිවා දැම්මාය.

"වැඩේ හරි හාමුදුරුවෝ,"

ඇතීනා දෙස බලා සිටි පුද්ගලයා ඇගෙන් දෑස ඉවතට ගෙන,

"එහෙනම් දාගමු" කීවේය.

ඔහු හැද සිටි සරම කැහැපට ගහ ගත්තේය. ඇගෙන් අනෙක් පස හැරී නිවුණු ගින්න දෙසට ළං වුණේය. ඔවුහු තැනින් තැන පිළිස්සුණු මිනිය හිසෙන් හා දෙපාවලින් ග්‍රහණය කරගෙන නිවස ඉදිරිපසට ගෙන ගියහ.

ඇතීනා තවමත් තුෂ්ණිම්භූතව බලා හිදී. මේවා සිදු වන්නට ගත වූයේ මිනිත්තුවක් හෝ දෙකක් පමණි. ඔවුන් පැමිණියේ කොයි වෙලාවෙද? කොහොමද? සිහිනයෙන් දුටු පුද්ගලයාත් ඈ ඉදිරියේ? මහප්පා තරුණ වී? ඇගේ සිත තුල නැගුණේ ප්‍රශ්න තොගයකි.

ඇතීනා යාන්තමින් යථාර්ථමය භූත මායාව ගැන අවබෝධයක් ලබා ගනිමින් සිටියාය. ඈ සෙමෙන් නැගිට ගත්තාය. මළ සිරුර ගෙන යන වුන් පසුපස සෙමෙන් දිව ගියාය. දරුවා ඇගේ දෑත අතර අගුල් වැටී සිටි ආකාරයකුත් පෙණිනි.

ඔවුන් පැමිණ සිටියේ ජීප් රථයකයි. ඇයට ඒ ශබ්දය ශ්‍රවණය වූයේ වත් නැත. ඒ ගොම කොල පැහැ තීන්ත ආලේප කළ කළු පැහැති ටෙන්ට් රෙද්දකින් ආවරණය කළ පරණ වාහනයකි.

ඈ හති අරිමින් සිටියාය. කදුළු කැට හතී අතේ විසිරුවමින් සිටියාය. ඈ තට්ට හිසැත්තාගේ පිටට පහරක් ගැසුවාය. ඇගේ දුර්වල පහර ඔහුට නොදැනුනා සේය. ඔවුන් මල සිරුර ජීප් රියට විසි කළා පමණි.

"උඹ නැති කරන හැම එකාම මගේ. උඹ කාලකණ්ණියා…."

ඈ කෑ ගසන්නට විය. ඔහු ඈ දෙස බලා සිටියේය. ඈගේ කෑ ගෑම අඩු වූ පසු කතා කළේය.

"අපිත් උඹට සාප කළා කුවණ්ණා…"

:තඩ්'

Latest