Skip to content

යෝජිත ත්‍රස්ත විරෝධී පනතින් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය නැතිවෙනවා - මහනාහිමිවරු

යෝජිත ත්‍රස්ත විරෝධී පනතතේ ඇතැම් වගන්ති මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ත්‍රෛනිකායක මහනාහිමිවරුන් විසින් ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ක්‍රමය වෙනුවට අහිතකර වාරණ ක්‍රමවේදයන් මගින් කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ විනිවිද භාවය සහ වගවීම පිළිබඳව මහජනතාව තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතුවක් බවත් එය සමාජ ව්‍යාකූලත්වයක් ඇති වීමට හේතුවක් විය හැකි බවත් ය.

මේ සම්බන්ධව පුළුල් සමාජ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා පනතෙහි නුසුදුසු වගන්ති ඉවත් කර සකස් කිරීම සුදුසු බවයි ත්‍රෛනිකායක හිමිවරුන් වැඩි දුරටත් සඳහන්කර සිටියි.

එම ලිපිය මෙතනින්.

Latest