Skip to content

ව්‍යාපෘති ණය ට්‍රිලියන 08ක් වෙද්දී වත්කම් ට්‍රිලියන 02ට සීමා වෙලා!

රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන 08ක්  වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි.

එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන 02ක්  බවයි මූල්‍ය ප්‍රකාශනය උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ.

මෙවැනි තත්ත්වයක් කිසිසේත් සිදුවිය නොහැකි වුවත් සිදුව ඇත්තේ ව්‍යාපෘතිවල ආසාර්ථක භාවය බවත් තවදුරටත් වත්කම් සොයමින් තිබෙන පසුබිමක් පවතින බවත් විගණකාධිපතිවරයා කියාසිටියි.

මේ තත්ත්වය ආරම්භ වූයේ 2015 දී වන බවත් දැන් වසර අටක් ගතව ඇතත් තාමත් වත්කම් සොයා ගැනීමට හැකිවී නැති බවයි වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

''රජයේ ඒකාබද්ධ ගිණුම හදනවා වාර්ෂිකව රජයේ මූල්‍ය ප්‍රකාශනයක්. දැන් මේ මූල්‍ය ප්‍රකාශනය තුළ 2022 දෙසැම්බර් 31 වෙනකොට අපේ තියෙනවා ට්‍රිලියන 27ක ණය. ට්‍රිලියනයක් කියන්නේ දස ලක්ෂයේ ඒවා දස ලක්ෂයක්. ඒ වගේ 27 ගුණයක ණය තියෙනවා. මේක දේශීය විදේශීය ණය වර්ග දෙකම. මේ ණය ඇතුළේ තියෙනවා ව්‍යාපෘති ණය විදිහට ට්‍රිලියන අටක්. හැබැයි මේ කියන රජයේ මූල්‍ය ප්‍රකාශනයේම සඳහන් වෙනවා අපේ ස්ථාවර වත්කම් ඇත්තේ ට්‍රිලියන දෙකක් බව. ඒක කිසිසේත්ම වෙන්න බැරි දෙයක්.ඇයි මම එහෙම කියන්නේ. මේ කියන ව්‍යාපෘති ණය විදිහට ට්‍රිලියන අටක ණය දුන්නේ, ණය ගත්තේ ව්‍යාපෘති ආරම්භ කරන්න. එතකොට කොහොමද වත්කම් ට්‍රිලියන දෙකක් වුණේ. ඒක සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි තත්වයක්. මේකට හේතුව විදිහට කියන්නේ අපි තාමත් මේ වත්කම් සොයමින් පවතිනවා කියන එක. එහෙම නැත්නම් අගය කරමින් පවතිනවා කියන එක.'' යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

Latest